More
    spot_img
    NewsAccident පොසොන් දෙදින අනතුරු - 5 ක් මරුට :...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    -

    spot_img

    Accident – පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් තවත් දහතුන් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    මහනුවර යාපනය මාර්ගයේ මාතලේ කෝන්ගහමුල ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්, 57 සහ 17 වන වියේ පසුවූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි. අනතුර සිදුව ඇත්තේ දඹුල්ලේ සිට මාතලේ දෙසට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලංගම බසයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රියක ගැටීමෙන් ය. අනතුරින් ත්‍රිරෝද රියේ ගමන් ගත් මවක, පියෙකු සහ දියණියක සහ ත්‍රිරෝද රියේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර රියැදුරාගේ මව සහ නැගණිය මියගොස් තිබේ.

    හම්බේගමුව ලිහිනාගල දම්වැල්ඔය මාර්ගයේ ලිහිනාගල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටුණු පදිකයෙකු වූ 73 හැවිරිදී පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර කොළඹ පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටීමෙන් අත්ට්‍රැක්ටරයේ රියැදුරා සහ තවත් 10 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මියගිය බව වාර්තා වේ.

    අනුරාධපුර රඹෑව මාර්ගයේ පරසන්ගස්වැවදී යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර රඹෑව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් දකුණට හැරවීමට යෑමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පසුපැදිකරු මියගොස්, යතුරු පැදිකරු තුවාල ලබා රඹැව රෝහලට ඇතුළත් කර තිබේ.

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page