පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව සමස්ත ලංකා මහජන කොංග්රසය, ලංකා කම්කරු කොංග්රසය, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය , ඉලංගෙයි තමිල් අරුසු කච්චි , ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්ෂවල නායකයෝ මෙම ඉල්ලීම කරති. පළාත් සභා මැතිවරණය කිසිදු ප්රමාදයකින් තොරව පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රැසක් මෙලෙස ඉල්ලීමක් කරන ප්රථම අවස්ථාව මෙය වේ.




