Newsපළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

-

spot_img

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය , ඉලංගෙයි තමිල්  අරුසු කච්චි , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්ෂවල නායකයෝ මෙම ඉල්ලීම කරති. පළාත් සභා මැතිවරණය කිසිදු ප්‍රමාදයකින් තොරව පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රැසක් මෙලෙස ඉල්ලීමක් කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

M.A Sumanthiran
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්

බලයට පත්වී වසරක් තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේගය පොරොන්දු වී තිබුණද මේ දක්වාම එය ඉටුකර නැති බව දෙමළ පක්ෂ නියෝජිතයෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම, සුළුතරය හා සම්බන්ධ ගැටලු සංවාදයෙන් විසඳීම, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, සියලු ප්‍රජාවට බලපාන ඉඩම් ආශ්‍රිත ප්‍රශ්න නිරාකරණය කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ පොදු මතයකට පැමිණි ඇති බවයි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

පැණි රසට කැමති අයට හකුරු පුඩිං

පැණි රසට කැමති අයට හකුරු පුඩිං - Jaggery Pudding පැණි රසට කැමති අයට ගැළපෙනම අතුරුපසක් තමයි හකුරු පුඩිං කියන්නෙ. ගෙදරදීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you