Newsපළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

-

spot_img

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය , ඉලංගෙයි තමිල්  අරුසු කච්චි , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්ෂවල නායකයෝ මෙම ඉල්ලීම කරති. පළාත් සභා මැතිවරණය කිසිදු ප්‍රමාදයකින් තොරව පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රැසක් මෙලෙස ඉල්ලීමක් කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

M.A Sumanthiran
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්

බලයට පත්වී වසරක් තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේගය පොරොන්දු වී තිබුණද මේ දක්වාම එය ඉටුකර නැති බව දෙමළ පක්ෂ නියෝජිතයෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම, සුළුතරය හා සම්බන්ධ ගැටලු සංවාදයෙන් විසඳීම, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, සියලු ප්‍රජාවට බලපාන ඉඩම් ආශ්‍රිත ප්‍රශ්න නිරාකරණය කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ පොදු මතයකට පැමිණි ඇති බවයි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you