Featuresසියදිවි තොර නොවී තර කරගැනීම

සියදිවි තොර නොවී තර කරගැනීම

-

spot_img

සියදිවි තොර නොවී තර කරගැනීම – Suicidal Tendencies

මනුෂ්‍ය ආත්මයක් ලැබීමට පින් කළ යුතු බව ආගමික කොටසකද, ලොව බුද්ධිමත්ම සත්වයා මනුසතා බව සමාජීය කොටසකද අර්ථ ගැන්වේ. මේ දෙකොටසෙහිම මුඛ්‍ය පෙන්වාදීම වන්නේ මිනිස්භවය කෙතරම් වටින්නේද යන්නයි. එහෙත්, නිශ්චල හා චංචල දේපල පරෙස්සම් කරනා තරමට අප යමෙකුගේ ජීවිතයක් ආරක්ෂා කිරීමට උනන්දු වන්නේද..? භෞතික සම්පත් වලට ලබාදෙන වටිනාකම හා සාපේක්ෂව ජීවිතය හා ජීවත්වීම තක්සේරු කරන්නේද..? සාර්ථක වීම යනු ඉඩමක්, ගෙයක්, වාහනයක් සහ ඉලක්කම් හයේ බැංකු ගිණුමක් යැයි සිතා සිටින බොහෝ දෙනා ජීවිත කාලය පුරාම කරනුයේ ඉහත කී භෞතික කාරණා තර කරගැනීම වෙනුවෙන් සිය දිවි තොර කරගැනීමය.

සියදිවි නසා ගැනීම යනු තම පණ තමා විසින්ම නැති කරගැනීම පමණක්ම නොවේ. මොලේ පණ තිබ්බාට, හෘර්දය ස්පන්ධනය වූවාට “මලමිනී” ලෙස ජීවත්වන්නෝ බොහෝ ය. සාර්ථක වනවා යනු භෞතිකව එක් රැස් කරගත් ගොඩෙහි විශාලත්වය නොවේ. ඒ වෙනුවෙන් නොකා, නොබී ගෙවෙන යාන්ත්‍රික දිවියද නොවේ. අප වඩාත් බිය පරාජයට සහ බිඳ වැටීමට ය. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම් ඉංග්‍රීසි භාෂාවේ එන No සහ Fail යන වචන දෙකට අපූරු නිර්වචන ලබාදී තිබේ. No යන්නෙහි තේරුම next opportunity බවත් Faill යනු first attempt in learning බවත් ඔහුගේ අදහසයි. ප්‍රතික්ෂේප වීම යනු ඊළඟ අවස්ථාවට මඟ පෙන්වීමක් සහ අසාර්ථක වීම යනු යමක් ඉගෙනගැනීම වෙනුවෙන් යෙදෙන පළමු අවතීර්ණ වීමය යන අදහස කෙතරම් ධනාත්මක සිතිවිල්ලක්ද!

පසුගිය සතියේ වඩාත් කතාබහට ලක්වූයේ “ෆේස්බුක් ලයිව්” එකක් අතරතුර ගෙලවැල ලාගෙන මියගිය තරුණයකු පිළිබඳවය. ඔහු ගැන ලියවුණු “අනුකම්පා හෑලි” මදකට අතහැර ගැඹුරින් ඔහුව කියවාගැනීම වටී. මේ තරුණයා සිය මරණය තීරණය කළ ආකාරයම නූතන තරුණ පරපුර ගැන ලිට්මස් පරික්ෂාවකි. අප විහිළුවට කියනා “මැරිලත් පැයක් ආදරෙයි” යන කියමන මේ මරණයට ආදේශ කළ හැකිය. සමාජ මාධ්‍ය පුරා බොහෝ තරුණ, තරුණියන් යදින්නේ අවධානය බව නොකිවමනාය. ප්‍රධාන වශයෙන්, ගැහැණු දරුවන් සිය අඟපසඟ ප්‍රදර්ශනයෙන් ද, පිරිමි දරුවන් සිය වත්පොහොසත්කම් ප්‍රදර්ශනයෙන් ද එකී අවධානය යදී. මෙකී මානසික තත්වය වඩාත් තදින් පිහිටා ඇත්තේ විදෙස්ගත තරුණ, තරුණියන් තුළ ය. ඔවුන් මේ පිටකරනුයේ තමන් තුළ ඇති පීඩනයයි. ජීවිතයේ හොඳම කාලය තමන් උපන් බිමෙන්, ආදරණීයන්ගෙන් වෙන්වී, දිනකට පැය 10-15ක් රැකියාව වෙනුවෙන් වෙහෙසීම ෆේස්බුක් දමන පිංතූරය තරම් සුන්දර නැත. තරුණවියේදීම කෙස් හැලී, උදරය නෙරා, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආතතිය වැනි රෝග තත්වයන්ගෙන් පෙළීම සුළුපටු නැත. ඉදින්, එවන් තරුණ පරපුරකට තමාගේ මරණින් පසුවත් ලෝකය තමන්ට අනුකම්පාව සහ ආදරය දිය යුතුයැයි සිතීම අරුමයක් නොවේ.

මේ ගෙවෙමින් පවතිනුයේ “ඩිවයිස්” සමඟ පෙමින් බැඳී ඒ හාම දීග කන යුගයකි. දවසේ වැඩි කාලයක් ජංගම දුරකථනයට හිස ඔබාගෙන ගතවෙන ජීවිත ය. සාලයේ හතර කොනේ මවත්, පියාත් දරුවනුත් ඩිවයිස් සමඟ තනිව සිටී. මානව සබඳතා ඇණ හිට තිබේ. කන, බොන,විකුණන එකේ සිට ප්‍රේම කිරීම දක්වා බාරකොට ඇත්තේ සමාජ මාධ්‍ය වෙතටය. ලෝකය ඊට බොහෝ දුර ඇවිද ගොස් ය. ඉතා ළඟම උදාහරණය ෆේස්බුක් සහ ගූගල් සමාගමට එරෙහිව ප්‍රකට ඇමරිකානු නීතිඥ මාර්ක් ලැනියර් පැවරූ නඩුවයි. චෝදනාව ලෙස ගෙන තිබුණේ, දැනට විසිවන වියෙහි පසුවන කේලි නම් තරුණියව වයස අවුරුදු 6 සිට යූ ටියුබ් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත ඇබ්බැහි කිරීම තුළින් ඇයට සහ ඇගේ පවුලට ඇතිකළ මානසික ආතතියයි. නඩුවෙන් පසු මෙම සමාගම් දෙකට ඉහත තරුණිය වෙනුවෙන් ඩොලර් මිලියන 6 ක වන්දියක් ගෙවීමට නියම විය. මෙම නඩුවේදී මෙම සමාගම් වල අභ්‍යන්තර වාර්තා රැසක් හෙළිව තිබිණි. එකී සමාගම් හරහා කරනුයේ ආකර්ෂණය කරගැනීම නොව ඊට ඇබ්බැහි කරවීම බවත්, ඔවුන් එය යමෙකුගේ ළමාවියේ සිටම ක්‍රමයෙන් සිදුකරන්නක් බවත් ඔප්පු කිරීමට විත්තියේ නීතිඥවරයා සමත්ව තිබිණි. කෘතීම බුද්ධිය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් සියදිවි නසාගත් පිරිමි දරුවෙකු වෙනුවෙන් ලොව ප්‍රකට සමාගම් දෙකක් වන OpenAI සහ Roblox එරෙහිව නඩු පැවරීම නීතිඥ මාර්ක් ලැනියර්ගේ කාර්යය බව කියැවේ.

මේ ලියන මොහොත වනවිට හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි වැදීමකින් මරණයට පත්ව තිබේ. රංග රාජපක්ෂගේ, කපිල චන්ද්‍රසේනගේ මෙන්ම එයද මරණ පරීක්ෂණයටත් පෙර සියදිවි නසාගැනීමක් බවට සමාජ මාධ්‍ය නිගමන ලැබී අවසන් ය. එමෙන්ම එය රාජපක්ෂලා විසින් සාක්ෂි වසන් කරන්නට කළ තවත් මිනීමැරුමක්ය යන “කෝකටත් තෛලය” ගල්වා මාලිමාව සේදුම්කරකණයට ලක්කිරීමද ආරම්භ වී තිබේ. වම් අතින් දකුණු කකුලේ බලනහර කපාගැනීම්, උළුවස්සේ එල්ලී ගෙල වැලලා ගැනීම අතරට ආරක්ෂකයාගේ රිවෝල්වරය ඉල්ලාගෙන, ඊට තමන්ගේ උණ්ඩ පුරවා නුහුරු අතෙන් පපුවට වෙඩි තබාගැනීමත් යන නාටකද සමාජ මාධ්‍ය හරහා සමාජගත වෙමින් පවතී.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා හඳුන්වා දුන් Online Safety Act නමින් පනතක් ලංකාවේ බලාත්මක ය. එය හඳුන්වා දුන් සමයේ වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ ය. එකළ ඔහු එය හඳුන්වනු ලැබුයේ “මර්ධනකාරී පනතක්” යන නමිනි. අද බලය හොබවන ඔවුන් එය තනිකරම යොදාගනු ලබන්නේ ආණ්ඩුවට ආරක්ෂා වීම සඳහා ය. විරුද්ධ මතධාරීන්ට මඩ ගැසීම සඳහා ය. ආණ්ඩුවට අවාසි කියැවීමක් ඇති සමාජ මාධ්‍ය පරිශීලකයින් තෝරා, ඔවුන්ගේ ගිණුම් සීමා කරන්නට Third party fact checkers ලා නමින් එන ජනාධිපති මාධ්‍ය අංශයට ඊට අමතරව කළ යුතු බොහෝ දේ තිබේ. මිත්‍යාව, අපරාධ, හිංසන සිතු සේ ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය අවකාශ සීමා කිරීම ඉක්මන් නොකළහොත්, නුදුරේදීම තම විරුද්ධවාදියා ඝාතනය කරන අතරතුර සේම තම පෙම්වතා, පෙම්වතිය හෝ බිරිඳ, සැමියා සමඟ රමණයේ යෙදෙන අතරේ වුවද යමෙක් “ෆේස්බුක් ලයිව්” ඒමට ඉඩ ඇත. දිවි තොර කරගැනීම් අවම වීමටනම් ඔවුන්ගේ දිවියේ මානසික නිරවුල් බව තර කළ යුත්තේ එහෙයිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you