Foodකටට සැරට චිලි පේස්ට්

කටට සැරට චිලි පේස්ට්

-

spot_img

කටට සැරට චිලි පේස්ට් – Chilli Paste

කටට සැරට කන්න කැමති අය ආසම දෙයක් තමයි චිලි පේස්ට්. රයිස්, නූඩ්ලස්, කොත්තු මේ හැම කෑමටම ගැළපෙන චිලි පේස්ට් රසකාරක නැතුව, පිරිසිඳුවට රසට ගෙදරදීම හදාගන්නෙ කොහොමද බලමු. හරිම ලෙහෙසියෙන් හදන්න පුළුවන් මේ චිලි පේස්ට් එක මාස දෙකක් තුනක් වුණත් තියාගන්න පුළුවන්. 

Chilli Paste

• අවශ්‍ය දේවල්

කෑලි මිරිස් 130g

වියළි කූනිස්සෝ 60g Chilli Paste

පොල් තෙල් 150ml

සීනි මේස හැඳි 03 ක්

රස අනුව ලුණු

සෝයා සෝස් මේස හැඳි 02 ක්

තක්කාලි සෝස් මේස හැඳි 01ක්

ලොකු ළූණු ගෙඩියක්

කරපිංචා

සුදු ළුණු බික් 10 – 12 ක්

ඉඟුරු කෑල්ලක්

සාදන ආකාරය

භාජනයකට පොල්තෙල් දමා තෙල් ටික රත් වෙනකොට එයට සිහින්ව කපාගත් ළූණු ටික දමා බැදගන්න. ඊළඟට ඉඟුරු, සුදු ළූණු, කරපිංචා ටිකත් තරමක් බැද ගන්න. ඊට පස්සෙ කූනිස්සෝ ටික රන්වන් පාට වෙනතුරු බැද ගන්න. ඊට පස්සෙ මේ හැමදෙයක්ම (බැදගත්) බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කර ගන්න. සීනි මේස හැඳි තුනට ලුණු, සෝයා සෝස් එකතු කර කවලම් කරගෙන තියා ගන්න.

Chilli Paste

මීළඟට ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දමා රත් කර ගන්න. ඉන්පසු එයට කෑලි මිරිස් ටික එකතු කර හොඳට කවලම් කරගන්න. දැන් එයට බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය එකතු කරන්න. ඊට පස්සෙ සීනිවල කවලම් කරගත් සෝයා සෝස් එකත් එකතු කරන්න. හොඳින් කවලම් කර ලිපෙන් බාගෙන තක්කාලි සෝස් එකතු කරලා ආයෙමත් හොඳට කවලම් කර ගන්න. පිරිසිඳු, වියළි බෝතලයක චිලි පේස්ට් අසුරන්න.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you