Fashion and Beautyහිරු එළියෙන් සම ආරක්ෂා කරගන්නේ කොහොමද?

හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්නේ කොහොමද?

-

spot_img

හිරු එළියෙන් අපේ සමට නිතරම හානි සිද්ධ වෙනවා. සාමාන්‍යෙන් උදෑසන නවය සවස හතර අතර කාලය දක්වා හොඳින් අව්ව තිබෙන අතර උණුසුමත් අධිකයි. සම නිරෝගීව පැහැපත්ව තියාගන්න නම් මේ හිරු එළියට අධික ලෙස නිරාවරණය නොවෙන්නත්, එළිමහනට යනවිට Sunscreen එකක් පාවිච්චි කිරීමත් අනිවාර්ය දෙයක්. එමගින් හිරුගේ හානිකර UV කිරණවලින් සම ආරක්ෂා වෙන අතර තරුණ පෙනුම රැක දෙනවා. 

Sun Cream

• Sunscreen එකක් අවශ්‍ය ඇයි?

සමට හානිකරන අහිතකර පාරජම්බූල කිරණ (UV) වර්ග දෙකක් හිරු එළියේ අඩංගුයි.
UVA කිරණ – සම ඉක්මනින් වියපත් කරනවා. සමේ රැළි ඇතිවීමටත් මේ කිරණ හේතුවක්.
UVB කිරණ – සමේ පිළිකා වර්ධනයට හේතු වෙනවා.
ශ්‍රී ලංකාව වගේ තද හිරු රශ්මිය පවතින රටක අව්ව නොමැති දිනවල වුවත් Sunscreen භාවිතා කිරීම සමේ ආරක්ෂාවට වැදගත්.

Sun Cream

• Sunscreen එකක් මිලට ගන්න කලින් මේ ගැන හිතන්න.

° SPF 30 හෝ ඊට වැඩි අගයක් සහිත වීම
SPF අගයෙන් හිරු එළියෙන් ආරක්ෂා වෙන කාල සීමාව දැක්වෙනවා. (SPF 30 = 30 min) SPF අගය වැඩිවන තරමට සමට ලැබෙන ආරක්ෂාව වැඩියි. එමෙන්ම ඔබ පිහිනීම හෝ අධිකව දහඩිය දමන ක්‍රියකාරකම් සිදුකරනවා නම් Water-Resistant සහිත sunscreen එකක් භාවිතා කරන්න.

Sun Cream

• ආලේප කිරීමේදී

යම්තම් නොව ප්‍රමාණවත් ලෙස සම පුරාම ආලේප කරන්න. එලිමහනේ වැඩිවෙලා රැඳී සිටිනවානම් පැය දෙකකට වරක් නැවත නැවත ආලේප කරන්න. Moisturizer, makeup වැනි ආලේපන ගැල්වීමෙන් පසුව sunscreen භාවිතා කරන්න.

Sun Cream

අධික හිරු රශ්මියට නිරාවරණය නොවී සිටීමට හැකිතරම් වගබලාගන්න. sunscreen භාවිතයෙන් පමණක් සම ආරක්ෂා වෙන්නේ නැහැ. එනිසා හිරු එළියට නිරාවරණය වන විට සුදුසු ඇඳුම්, sunglasses, කුඩයක්, තොප්පියක් වැනි දේවල් අමතක කරන්න එපා.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you