Newsහිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

-

spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. මියයන විට 63 හැවිරිදි වියේ පසුවූ ඔහු 1986 වසරේදී පොලිස් සේවයට එක් විය. 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස උසස් කෙරුණු අතර 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධුරයට පත් විය.

2023 වසරේ මාර්තු 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියද, නව පොලිස්පතිවරයකු පත් කරන තෙක් එවකට ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබාදීම හේතුවෙන් සී.ඩී. වික්‍රමරත්න තවත් මාස 8කට ආසන්න කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු කරනු ලැබුවේය. අනතුරුව 2023 වසරේ නොවැම්බර් 23 වැනිදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබිණි.

හිටපු පොලිස්පතිවරයා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් මියගොස් තිබු අතර ඔහුගේ මරණය දිවි හානි කර ගැනීමක් බවට සැක කෙරෙන බවත්, සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබාදී ඇති අතර, හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් සහ වෙඩිතබා ගත් බව කියන ගිනි අවියද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. විමර්ශනවලට අදාළව ඒ මහතාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you