Newsහිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

-

spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. මියයන විට 63 හැවිරිදි වියේ පසුවූ ඔහු 1986 වසරේදී පොලිස් සේවයට එක් විය. 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස උසස් කෙරුණු අතර 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධුරයට පත් විය.

2023 වසරේ මාර්තු 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියද, නව පොලිස්පතිවරයකු පත් කරන තෙක් එවකට ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබාදීම හේතුවෙන් සී.ඩී. වික්‍රමරත්න තවත් මාස 8කට ආසන්න කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු කරනු ලැබුවේය. අනතුරුව 2023 වසරේ නොවැම්බර් 23 වැනිදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබිණි.

හිටපු පොලිස්පතිවරයා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් මියගොස් තිබු අතර ඔහුගේ මරණය දිවි හානි කර ගැනීමක් බවට සැක කෙරෙන බවත්, සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබාදී ඇති අතර, හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් සහ වෙඩිතබා ගත් බව කියන ගිනි අවියද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. විමර්ශනවලට අදාළව ඒ මහතාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you