FeaturesHealthඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

-

spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු – Dengue vaccine

ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි සේම පුද්ගල මරණ අනුපාතයද ඉහළ දැමිය හැකි රෝගී තත්වයක් ලෙසට ඩෙංගු හඳුන්වා දීමට පුළුවන. එය සනාථ කෙරමින් මේ දිනවල ආසාදිතයන් සේම පුද්ගල මරණ අනුපාතයද ඉහළ දමමින් ඩෙංගු රෝගය වසංගත තත්වයක් කරා ව්‍යාප්ත වෙමින් පවතී. එවන් මොහොතක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය දිනකදී රජය ජාත්‍යන්තරව අනුමත කරන ලද එන්නතක් අප රටට හඳුන්වා දීම ගැන සලකා බලමින් සිටින බවත්, විද්‍යාත්මකව තහවුරු කරන ලද වොල්බැකියා (Wolbachia) මදුරු පාලන ක්‍රමයද මෙරට අනුගමනය කිරීමට කටයුතු යොදන බවත් ප්‍රකාශ කළේය. එය මහත් සැනසීමක් දනවන පුවතකි. එබැවින් එන්නතකට ඩෙංගු තුරන් කළ හැකිද ? 

Dengue vaccine

එන්නතෙන් රෝග සංකුලතා අඩු කළ හැකිද?

එන්නතකින් ඩෙංගු තුරන් කළ නොහැකිය. ඩෙංගු සඳහා එන්නතක් යනු සම්පූර්ණ විසඳුමක් නම් නොවෙයි. එහෙත් එන්නත යනු නිසැකවම ඩෙංගු රෝගයේ සංකූලතා අඩු කිරීමේ ක්‍රමෝපායකි. ජාත්‍යන්තරව අනුමත කරන ලද ඩෙංගු එන්නත් ඩෙංගු serotype 2 (DENV -2) වලට එරෙහිව සියයට 90කට වඩා කාර්යක්ෂමතාවක් ඇති කරන බැවින් රෝග සංකූලතා සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය.

 ප්‍රභේද 4න් මෙරටේ ව්‍යාප්ත වන ප්‍රෙභ්දය

ලංකාවේ පවතින ඩෙංගු වසංගත තත්වය තුළ වාර්තා වන රෝගීන්ගෙන් සියයට 80කට පමණ හේතු වී ඇතැයි සැලකෙන ඩෙංගු වයිරසයේ serotype 2 (DENV -2) ප්‍රභේදයට එරෙහිව TAK -003 (Qdenga) එන්නත සියයට 90ටත් වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. ඩෙංගු වයිරසයේ ප්‍රභේද හතරෙන්ම රෝගීන් වාර්තා වන සමයක මෙරටින් වැඩිපුරම වාර්තා වී ඇත්තේ DENV -02 ප්‍රභේදයෙනි. මෙකී එන්නත මෙම වයිරසයට එරෙහිව ඉතා ඵලදායි වන අතර ඩෙංගු ප්‍රභේදවල serotype වලට එරෙහිව ආරක්‍ෂාවද සැපයේ. එය බෝවන රෝගවල අවධානම සැලකිය යුතු ලෙස අඩු කිරීමටත්, රෝගීන් සංඛ්‍යාව අඩු කිරීමට සහ සෞඛ්‍ය සේවාව මත පීඩනය ලිහිල් කිරීමටත් සහාය වේ. ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යන විට ඩෙංගු හේතුවෙන් ඇතිවන පුද්ගල මරණ වැඩි වනවා පමණක් නොව වෙනත් රෝගී තත්ව ආදියෙන් පෙළෙන රෝගීන්ගේ වාර්තා වීම් ද ඉහළ යාම වැළැක්විය නොහැකිය.

Dengue vaccine

එන්නතෙන් මාත්‍රා දෙකක්

එන්නත් පිරිවැය ගෙන බැලුවොත් සංචාරක වෙළඳ⁣පොල සහ ආවේනික වෙළඳපොල අතර පිරිවැයෙහි යම් වෙනසක් ඇතිවිය හැකි අතරම වර්තමාන DENV-02 වසංගත තත්වය මත ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මෙම එන්නත කදිම ආරක්ෂාවක් සපයනු ඇත. මාත්‍රා දෙකකින් එන්නත ලබා දෙනු ලැබුවද එය සංචාරකයන්ට ප්‍රමාණවත් පරිදි කෙටි කාලීන ආරක්ෂාවක් සපයනු ලැබේ. සාධාරණ මිලකට එන්නත ලබා ගැනීම උදෙසා නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කිරීමට රජයට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ අනුව එහි පළමු පියවර වශයෙන් අපේ රටේ එන්නත ලියාපදිංචි කර පෞද්ගලික අංශය හරහා එය ලබා ගැනීමට සැලැස්වීම යෝග්‍ය වේ. කෙසේ වුවද මෙම අදියරේදී එය ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට ඇතුළත් කළ යුතු යැයි මම නොසිතමි. එන්නත අලුත් දෙයක් නොවන අතර එහි සායනික සංවර්ධනය දශක දෙකකට පමණ පෙර ආරම්භ වූ අතර පුළුල් අධ්‍යයනයක් මගින් එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව මේ වන විට මැනැවින් තහවුරු කර ඇත. එහි අදියර තුන අත්හදා බැලීමේදී ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ ඩෙංගු ආවේණික වන රටවල් අටක වෙසෙන වයස අවුරුදු 04ත් 16ත් වියේ පසුවන ළමයින් 20100 දෙනෙකු සහභාගී කරවාගෙන ඇත. 2017 වසරේ රටේ දරුණුතම ඩෙංගු වසංගතය පැවැති සමයේදී රෝගීන් 186, 101ක් සහ පුද්ගල මරණ 440ක් වාර්තා වූ Takeda’s TAK -003 එන්නතේ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීමකට ලංකාවද ඇතුළත් විණි.

Dengue vaccine

එන්නතේ වාසි

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් 2100ක් සම්බන්ධ කරගෙන කරන ලද මෙම අත්හදා බැලීමේදී එන්නත නිසා ඩෙංගු රෝගීන් සියයට 94.7කින් සහ ඩෙංගු ආශ්‍රිත රෝහල්ගත කිරීම් සියයට 95.7කින් අඩු කර ඇති බව සොයා ගැණින. වසර හතර හමාරකට පමණ පසු සිදු කරන ලද පසු විපරම් අධ්‍යයනයකින් හෙළිවූයේ එන්නත ඩෙංගු ආසාදනවලට එරෙහිව සියයට 84.4ක ආරක්ෂාවක් මෙන්ම ඩෙංගු ආශ්‍රිත රෝහල් ගත වීම්වලට එරෙහිව සියයට 87.9ක ආරක්ෂාවක් අඛණ්ඩව සපයන බවයි. ඉලක්කගත ජනගහනයෙන් සියයට 65ක් පමණ ආවරණය වන පරිදි එන්නත් කිරීමේ වැඩසටහන් මගින් ඩෙංගු රෝගීන් සියයට 69කින් සහ රෝහල්ගත වීම් සියයට 73කින් පමණ අඩු කළ හැකි බවද පර්යේෂකයෝ තහවුරු කළහ.
TAK -003 (Qdenga) දැනට ඉන්දුනීසියාව, තායිලන්තය, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව ඇතුළු රටවල් හතළිහකට අධික සංඛ්‍යාවක අනුමත කර ඇත. තත්වය එයාකාර වුවද අපේ රටට තවමත් ඩෙංගු එන්නතක් හඳුන්වා දී නොමැත.

සංවාද සටහන
ධාරා අබේනායක 

 

Dr. Lakkumar Fenando
මීගමුව ඩෙංගු විශේෂිත ප්‍රතිකාර ඒකකයේ නිර්මාතෘ, ඩෙංගු විශේෂඥ, ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ලක්කුමාර් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

සුරසේනට දෙකක් දුන් පසු

සුරසේනට දෙකක් දුන් පසු - Extension of Tenure වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට...

සියදිවි තොර නොවී තර කරගැනීම

සියදිවි තොර නොවී තර කරගැනීම - Suicidal Tendencies මනුෂ්‍ය ආත්මයක් ලැබීමට පින් කළ යුතු බව ආගමික කොටසකද, ලොව බුද්ධිමත්ම සත්වයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you