Interviewsමිනිස්සු හිතන්නෙ තමන් හිතන දේම තමයි ඇත්ත කියල

මිනිස්සු හිතන්නෙ තමන් හිතන දේම තමයි ඇත්ත කියල

-

spot_img

මිනිස්සු හිතන්නෙ තමන් හිතන දේම තමයි ඇත්ත කියල – Anne Hathaway

තරුණ නිළියක ලෙසින් හොලිවුඩයට අවතීර්ණ වී දශක දෙකකට අධික රංගන ජීවිතය තුළ ජනප්‍රියත්වය, වාණිජමය සාර්ථකත්වය සහ විචාරක පැසසුම්, සම්මාන එක සේ හිමිකර ගත් නිළියක් ලෙසින් ඈන් හැතවේ (Anne Hathaway) හැඳින්වෙනවා. නිළියක් ලෙස රාමුවකට කොටු වීම ප්‍රතික්ෂේප කෙරූ ඇය විවිධ පරාසවල චරිත රඟපෑවා. Les Misérables හි රඟපෑම වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා වන ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ඈන් හැතවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, දෙමාපියන්ගේ අයිතිවාසිකම් සහ සමාජ යුක්තිය වෙනුවෙන් සිය හඬ අවදිකරන්නියක් මෙන්ම ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්නියක්.

ඇය හොඳ සූපවේදිනියක්. ඈන් පවසන්නේ තම සැමියා සමග එක්ව හැම සඳුදාවකම රාත්‍රී ආහාරය සඳහා සැමන් මත්ස්‍යයන් සකසන බව සහ අඟහරුවාදා දිනවල දිවා ආහාරය ලෙස පෙරදා ඉතිරි වූ ආහාර කෑමට ගන්නා බවත් ය. ඇය මේ කතාබහ කරන්නේ සිය නිවසේ සෝෆා එකේ අසුන්ගෙන මේකප් කිසිවක් නොදමා කොළ පැහැති ස්වෙටර් එකකින් සහ ජීන්ස් එකකින් සැරසීගෙනය. ඈන් සහ ඇගේ සැමියා Adam Shulman ට අවුරුදු 10 සහ 6 වයස්වල පුතුන් දෙදෙනක් සිටියි.

Anne Hathaway

“හොඳයි, අපි හැම වෙලාවෙම දරුවො එක්ක එකට කාලය ගත කරන්න කැමතියි. නමුත් අපි ගැන ඔවුන්ගේ හැඟීම් වෙනස් වෙන්නත් බැරි නෑ. ඉතින් මේ වෙලාවෙ අපි ඔක්කොම එකට සිටීමේ සතුට විඳිනවා. මම මේ දවස්වල පවුලේ අය එක්ක අපූරු කාලයක් ගත කරමින් ඉන්නවා. මම කැමතිම නගරයේ ජීවත්වෙනවා. මගෙ රැකියාවෙ කටයුතුත් හොඳින්. ඇත්තටම මම හොඳ කාලයක් ගත කරමින් ඉන්නවා. හැමෝම ආසයි ජීවත් වෙන්න. ජීවිතේ සුන්දරත්වය විඳින්න බැරිනම්, සතුට විඳින්න බැරිනම් අපි ඇයි මේ තරම් මහන්සිවෙලා වැඩ කරන්නෙ? මම හිතන්නෙ අපි හැමදෙයක්ම බැලන්ස් කරන හැටි ඉගෙන ගන්න ඕනෙ කියලා.”

ජීවිතයෙන් අඩකට වඩා හොලිවුඩයේ රැඳී සිටිය ඇගේ ජනප්‍රියත්වය කවදත් එකසේ පැවතුණි. එය තමාටද පුදුමයක් බවයි ඈන් පවසන්නේ. එමෙන්ම තමාට වෙහෙසක් දැනෙන්නේ නැති බවත් ඈ පවසනවා. ඇය සිය වෘත්තිය ජීවිතය සුළුකොට තකන්නේ නැත.

Anne Hathaway

“උදාහරණයක් විදිහට ලෙස, ක්‍රිස් [නෝලන්] එක්ක තුන්වෙනි වතාවටත් වැඩ කරනව වගේ. The Dark Knight Rises, Interstellar වලත් රඟපෑවට පස්සෙ. ඔහු සමග වැඩ කිරීම දුර්ලභ අත්දැකීමක්. එම අත්දැකීම එක් වරක් හෝ ලැබීම ඉතා දුර්ලභයි. දෙවරක් ලැබුණා කියන්නෙ ත්‍යාගයක්. තුන් වතාවක්. මට ඒ ගැන කියන්න වචන නැහැ. ඒ හින්දා මම ඒ අවස්ථාව භුක්ති විඳින්නේ නැත්නම්, මම එවැනි වාසනාවන්ත ගමනක් යන විට මට ඒ ගැන ධනාත්මක දෘෂ්ටියක් නැතිනම් මම හිතන්නෙ මට සාර්ථක වෙන්න බැහැ.”

ඈන් හැත්වේට වඩා කාර්යබහුල වසරක් කිසිවෙකුට නොතිබෙන්නට පුළුවන. මාස හයකින් චිත්‍රපට පහක් තිරගත වීමට තිබේ.

“මාස හයකින් අවුරුදු හතරක වැඩ එළියට එන එකනං පිස්සුවක් වගේ”

වසන්ත සෘතුවේදී ඇය Mother Mary සහ The Devil Wears Prada 2 ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට ආවාය. ගිම්හානයේදී, Matt Damon සමඟ The Odyssey හි ප්‍රධාන චරිතය රඟපානු ඇති අතර Ewan McGregor සහ Verity සමඟින් The End of Oak Street හි විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක් ද එනු ඇත. එමෙන්ම The Princess Diaries 3 චිත්‍රපටයටද සූදානමිනි.

Anne Hathaway

“මම අවුරුදු 12 කින් ක්‍රිස් එක්ක වැඩ කරලා නෑ. පසුගිය අවුරුදු දොළහම කාන්තාවක් විදිහට වගේම නිළියක් විදිහටත් ගොඩක් මහන්සි වෙලා වැඩ කෙරුව නිසා ඔහුත් එක්ක වැඩ කරන්න මට ලොකු උනන්දුවක් දැණුනා. මම ඉගෙන ගත්ත දේවල් පෙන්වන්න. නෝලන් මට කියනවා මගේ රඟපෑමෙ පෙර තිබුණෙ නැති පරිණතභාවයක් තියෙන බව. මම දියුණුවෙලා වග. මොකද කියල කිව්වොත් ජීවිතේ ඉස්සරහට ගමන් කරනකොට අපි හැමෝම දියුණු වෙනවා. ඔහු කිව්ව මගේ වැඩවල තියෙන නිහඬ සන්සුන් බව කැපී පෙනෙන බවත්, ප්‍රවීණකම තිබුණ වුනත් මම හැමවිටම මටම අභියෝග කරන බවත්.”

The Odyssey හි ඇය පෙනෙලෝප් ලෙස රඟපායි. ඒ සිය සැමියා වන ඔඩිසියස් යුද්ධයට ගොස් නැවත පැමිණෙන තුරු බලා සිටින අතරේ සිය පිරිස ආරක්ෂා කරන වගකීමද භාරගත් ගැහැණියකගේ චරිතයයි.

“අපි පෙනෙලෝප් ගැන හිතන්නේ ඉවසීමේ ආදර්ශයක් ලෙසට. නමුත් මම ඇගේ චිත්ත ස්වභාවය ගැන උනන්දු වුණා. ඒ අවුරුදු 20 තුළ ඇයට ඔහු වෙනුවෙන් ඇය තුල නැගුණ කෝපය, හැඟීම් සහ ආශාව ගැන. දේශපාලන පහසුව සඳහා විවාහයන් සිදු වූ කාලයක, ඔවුන් දෙදෙනා එකිනෙකා තෝරා ගත් අතර, ඔවුන් සතුව තිබූ ආදරය ඔවුන් තේරුම් ගත්තා. විවාහය පිළිබඳ මගේ අදහසනම්, ඔබේ ජීවිතය කෙනෙකු සමඟ බෙදා ගැනීම ලොකු දෙයක්. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීම සම්පූර්ණයෙන්ම ඔබේ. ඒ දේවල් තවකෙකු හා බෙදා ගැනීම ඊටත් වඩා හොඳ දෙයක්. එහෙම කෙනෙක් සොයා ගැනීම ඇත්තෙන්ම දුර්ලභයි. මට ඒ දේ හමුවුණා. ඒ නිසා මම විවාහය කියන බැඳීම සුළුකොට තකන්නෙ නැහැ.” 

Anne Hathaway

රංගන ශිල්පිනියක් ලෙස හැතවේගේ ත්‍යාගශීලීභාවය ගැන බොහෝ අය කතාබහ කරයි. ඇගේ ඔරොත්තු දීමේ හැකියාව කැපී පෙනේ. හොලිවුඩයේ ඇති අසීරුතා බොහෝ දෙනෙකුට විඳදරා ගැනීමට අපහසුය. ඒවා විඳ දරාගනිමින් ඉහළට පැමිණි ඇය තමා කලාකාරිනියක බව හොඳින්ම වටහාගෙන සිටින අයෙකි.

“අපි ඉන්නේ මිනිස්සු තමන් හිතන දේම තමයි ඇත්ත කියල තදින් විශ්වාස කරන කාලයක. මම කිසිම වෙලාවක මොනම දෙයක් ගැන හරි අදහස් දැක්වන්න හෝ අභිරහසක් විදිහට ජීවත් වෙන්නත් කැමති නෑ. ඔබට ඔබේ සත්‍යය එළියට ගැනීමට අවශ්‍ය බව සමහර වෙලාවට හිතෙනවා. මම නිතරම කල්පනා කරනවා, ‘මම ඒක පෝස්ට් කරන්න ඕනෙද නැද්ද, එහෙම නැත්තම් රතුපලසට මේ ඇඳුම හොඳද වගේ දේවල්. “

තමා සමඟ වඩාත් මෘදු වීමට ඉගෙන ගැනීම ඇයව අන් අය සමඟ වඩාත් මෘදු කර ඇත.

“මගේ ජීවිතයේ මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කිරීම කණගාටුයි, මම ඒ ගැන සිතමින් සංවේදී වෙනවා. (ඇය කඳුළු සලයි) වඩා ධනාත්මක පුද්ගලයෙකු වීමට, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීමට, මගේ ජීවිතයේ ඇති බොහෝ ලස්සන දේවල් මාව දිරිගන්වන පුද්ගලයින් සමඟ බෙදා ගැනීමට හැකි වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා”

හෙට ඒ සියල්ල අතුරුදහන් වේ යැයි බියක් දැනෙනවාද යැයි ඇසූ විට එය එලෙස බව ඇය පිළිගනියි.

“නමුත් මට ආරක්ෂිත බවක් දැනෙන්නේ හෙට ඒ සියල්ල අතුරුදහන් වුණත් මට එය දරාගන්න පුළුවන් වග දැනෙන නිසා. ඇත්තටම මම අභියෝගවලට කැමතියි. මට වයස අවුරුදු 50, 60, 70, 80 ගණන්වල ඉන්නකොට නිළියක් විදිහට මගේ දියුණුව බලන්න ඕන, ඒක දැන් එච්චර ඈතක නෙවෙයි වගේ. නමුත් ඒක එහෙම නොවුණා වුණත්, මට මගේ ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්, මම පෙන්නුව ත්‍යාගශීලීකම ගැන ගොඩක් ආඩම්බර වෙන්න පුලුවන්.”

Elle ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

ලොකු අයියලා පොඩිවෙන හැටි

ලොකු අයියලා පොඩිවෙන හැටි සාමාන්‍ය ව්‍යවහාරයේ පවුලක සෙසු සාමාජිකයින් "ලොකු අයියා" යැයි කියනුයේ තම පවුලේ වැඩිමහල් සහෝදරයාට ය. එකළ ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you