NewsThe Court of Appeal හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවයි

The Court of Appeal හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවයි

-

spot_img

The Court of Appeal – ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් ඇප නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදුන් අභියාචනාධිකරණය එම පැමිණිල්ල යළි ජුනි මස 14 වන දා කැඳවන ලෙස අද [මැයි 08] නියෝග කළේය. ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා වූ හාඩි ජමාල්ඩීන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

පැමිණිල්ලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාන්තා දිනය නිමිත්තෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යම් සිද්ධියකට අදාලව මෙම නඩුකරයේ පැමිණිලිකරු ඇපමත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය විවේචනය කරමින් වග උත්තරකාරිය විසින් අදහස් පල කර ඇතැයි චෝදනා කළේය. මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් පැමිණිකාර පාර්ශවයේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ වග උත්තරකාරිය විසින් සිදු කළ ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් වී තිබෙන්නේ කෙසේදැයි යන්නය. වග උත්තරකාරිය ඇයගේ ප්‍රකාශයේ යම්කිසි අධිකරණයක් හෝ කිසියම් නඩුවක අංකයක් හෝ සඳහන් කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එසේ තිබියදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විමසා සිටියේය.

උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාලව විත්තිකාරියට එරෙහිව දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කරන චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය විරෝධතා තිබේනම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත ජුනි මස 14 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you