Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. මුහුණෙ සම මත ඒ කියන්නෙ නාසය, නළල, නිකට සහ කම්මුල්වල කළුපාට පුංචි ඩොට් විදිහට තමයි බ්ලැක්හෙඩ්ස් හැදෙන්නෙ.
මොනවද මේ බ්ලැක්හෙඩ්ස් කියන්නෙ?
ඇත්තටම මේවත් කුරුලෑ ජාතියක්. ඒවට කියන්නෙ open comedowns කියලා. සමේ වැඩිපුර තෙල්, මැරුණ සෛල සහ මුහුණ හරිහැටි පිරිසිඳු කරන්නෙ නැතිවීම වගේ හේතු නිසා බ්ලැක්හෙඩ්ස් හැදෙනවා. සමේ සිදුරු අවහිර වීම නිසයි මේක සිදුවෙන්නෙ. සාමාන්‍යයෙන් මේවා කුරුලෑ වගේ වේදනාකාරී නැහැ. ඒත් අපි ඒව හරියට ඉවත් කර නොගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

බ්ලැක්හෙඩ්ස් හැදෙන්න හේතු
• සමේ තෙල් නිපදවීම වැඩි වීම (මේ නිසා පහසුවෙන්ම සමේ සිදුරු අවහිර වෙනවා)
• සමේ එකතුවෙන මැරුණු සෛල
• හෝමෝන වෙනස්කම් (වැඩිවිය පැමිණීම, ගැබ් ගැනීම, ඔසප් වීම සහ මානසික ආතතියත් මෙයට හේතුවක්)
• මුහුණ හරිහැටි පිරිසිඳු නොකිරීම (නිවැරදිව Makeup ඉවත් නොකිරීම, හොඳ face wash එකක් භාවිතා නොකිරීම)
• පාරිසරික හේතු (එළිමහනේ තිබෙන දූවිලි, දුම සම මත තැන්පත් වී සමේ සිදුරු අවහිර කරනවා)
•ආහාර සහ ජීවන රටාව (තෙල් සහිත ආහාර, ජලය පානය මදිකම, නින්ද නොමැතිකම සහ ආතතිය )



• ස්ක්‍රබ් කිරීම

