Fashion and BeautyBlackheads ගැටළුවට විසඳුමක්

Blackheads ගැටළුවට විසඳුමක්

-

spot_img

Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. මුහුණෙ සම මත ඒ කියන්නෙ නාසය, නළල, නිකට සහ කම්මුල්වල කළුපාට පුංචි ඩොට් විදිහට තමයි බ්ලැක්හෙඩ්ස් හැදෙන්නෙ.

මොනවද මේ බ්ලැක්හෙඩ්ස් කියන්නෙ?

ඇත්තටම මේවත් කුරුලෑ ජාතියක්. ඒවට කියන්නෙ open comedowns කියලා. සමේ වැඩිපුර තෙල්, මැරුණ සෛල සහ මුහුණ හරිහැටි පිරිසිඳු කරන්නෙ නැතිවීම වගේ හේතු නිසා බ්ලැක්හෙඩ්ස් හැදෙනවා. සමේ සිදුරු අවහිර වීම නිසයි මේක සිදුවෙන්නෙ. සාමාන්‍යයෙන් මේවා කුරුලෑ වගේ වේදනාකාරී නැහැ. ඒත් අපි ඒව හරියට ඉවත් කර නොගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

Blackheads

බ්ලැක්හෙඩ්ස් හැදෙන්න හේතු

Blackheads• සමේ තෙල් නිපදවීම වැඩි වීම (මේ නිසා පහසුවෙන්ම සමේ සිදුරු අවහිර වෙනවා)

• සමේ එකතුවෙන මැරුණු සෛල

• හෝමෝන වෙනස්කම් (වැඩිවිය පැමිණීම, ගැබ් ගැනීම, ඔසප් වීම සහ මානසික ආතතියත් මෙයට හේතුවක්)

• මුහුණ හරිහැටි පිරිසිඳු නොකිරීම (නිවැරදිව Makeup ඉවත් නොකිරීම, හොඳ face wash එකක් භාවිතා නොකිරීම)

• පාරිසරික හේතු (එළිමහනේ තිබෙන දූවිලි, දුම සම මත තැන්පත් වී සමේ සිදුරු අවහිර කරනවා)

•ආහාර සහ ජීවන රටාව (තෙල් සහිත ආහාර, ජලය පානය මදිකම, නින්ද නොමැතිකම සහ ආතතිය ) 

Blackheads

ගෙදරදීම බ්ලැක්හෙඩ්ස් ඉවත් කරන හැටි

ගෙදරදීම පහසුවෙන් බ්ලැක්හෙඩ්ස් අයින් කරගන්න පුළුවන්. සැලුන් එකකට යන්නම ඕනෙ නෑ.

• ස්ටීම් තෙරපි (Steam Therapy)

උතුරන වතුර බේසමකට දමා විනාඩි 8-10ක් මුහුණ ස්ටීම් කරන්න. මෙයින් සමේ සිදුරු විවර කරනවා.

Blackheads• ස්ක්‍රබ් කිරීම

* මී පැණි සහ ලෙමන් මාස්ක්

මී පැණි තේ හැන්දක් ලෙමන් යුෂ බිංදු කිහිපයක් සමඟ මිශ්‍ර කර බ්ලැක්හෙඩ් සහිත තැන්වල ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න. මී පැණි සම පිරිසිදු කරන අතර ලෙමන් සමේ සිදුරු විවර කරනවා.

* බේකින් සෝඩා ස්ක්‍රබ්

බේකින් සෝඩා ස්වල්පයකට වතුර ටිකක් එක් කර පේස්ට් එකක් හදාගන්න. එය බ්ලැක්හෙඩ්ස් මත ආලේප කර රවුම් අතට මසාජ් කරන්න. ඉන්පසු සෝදා හරින්න.

* ග්‍රීන් ටී ස්ක්‍රබ්

ග්‍රීන් ටී (වියළි කොළ) ස්වල්පයකට ජලය ටිකක් එක් කර පේස්ට් එකක් හදන්න. බ්ලැක්හෙඩ්ස් ඇති තැන් විනාඩි 2 -3 ක් ස්ක්‍රබ් කර සෝදා හරින්න.

• බ්ලැක්හෙඩ්ස් ඇතිවීම වළක්වා ගන්න හැටි Blackheads

*ක්ලෙන්සර් එකක් භාවිතා කර දවසට දෙවරක් මුහුණ සෝදන්න.

* මුහුණ නිතර නිතර ඇල්ලීමෙන් වළකින්න.

* වැඩිපුර වතුර බොන්න.

* වැඩිපුර පලතුරු සහ එළවළු කෑමට ගන්න.

* ඔබේ සමට ගැළපෙන රූපලාවන්‍ය නිශ්පාදන භාවිතා කරන්න.

* සතියකට දෙවතාවක් මුහුණ ස්ටීම් කරන්න.

බ්ලැක්හෙඩ්ස් හරිම ලෙහෙසියෙන් ඇතිවෙන්න පුළුවන් රූපලාවන්‍ය ගැටළුවක් වුණත් සමට හොඳ අවධානයක් ලබා දීලා ඉහත ප්‍රතිකර්ම සිදුකළොත් ඔබට නිරෝගී සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you