More
    Foodකටට සැරට කොච්චි පීසා

    කටට සැරට කොච්චි පීසා

    -

    spot_img

    කටට සැරට කන්න ආස අයට ගැළපෙනම කෑමක් තමයි කොච්චි පීසා කියන්නෙ. කුළුබඩු එකතු කරලා ලංකාවෙ රහට හදන කොච්චි පීසා කියන්නෙ පීසා කන්න කැමති අය try කරලා බලන්නම ඕනේ දෙයක්. එහෙමනම්, ගෙදරදීම කොචිචි පීසා එකක් හදා ගන්න විදිහ බලමු. 

    Kochchi pizza

    • අවශ්‍ය දේවල් 

    සිහින්ව කැපූ කොච්චි

    ලුණු ස්වල්පයක්

    සුදුළූණු පේස්ට්  Kochchi pizza

    ගම්මිරිස් කුඩු

    ඉඟුරු පේස්ට් ස්වල්පයක්

    සෝයා සෝස්

    පොල්තෙල්

    තක්කාලි සෝස්

    ඔරිගානෝ / බැසිල් කොළ

    Pizza Dough එක (මේක නිවසේදීම හදා ගන්න පුළුවන්. නැත්තම් වෙළඳසැලේ මිලට ගන්නත් තියෙනවා)

    කටු ඉවත් කෙරූ කුකුළු මස්

    Mozzarella චීස්

    සිහින්ව කපාගත් ළූණු

    • සාදන ආකාරය

    Spicy Chicken Toppings හැදීම සඳහා කුකුළු මස් කුඩා කැට හැඩයට කපාගන්න. මෙයට කපාගත් කොච්චි, ලුණු, ගම්මිරිස්, සුදුළූණු පේස්ට් සහ සෝයා සෝස් බිංදුවක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා චිකන් ටික දුඹුරු පැහැවන තුරු බැදගන්න. පසෙකින් තබන්න. මීලඟට කොච්චි පීසා සෝස් එක සඳහා සිහින්ව කපාගත් ළූණු, ඉඟුරු සහ සුදුළූණු පෑන් එකක බැදගන්න. මෙයට ඔබ කැමති ප්‍රමාණයකින් කොච්චි එකතු කරන්න. ඉන්පසුව තක්කාලි පේස්ට්, ලුණු, ගම්මිරිස් සහ ඔරිගානෝ එකතු කර ලිප තබා මිශ්‍රණය ඝන වන තුරු සකසා ගන්න.

    Kochchi pizza

    අවන් එක 475°F හෝ 245°C පමණ උෂ්ණත්වයට heat කරගන්න. පිටි ඉසින ලද ලෑල්ලක හෝ baking sheet එකක pizza dough එක අතුරා සකසා ගන්න. දැන් එය මතට කොච්චි සෝස් තට්ටුවක් අතුරන්න. ඉන්පසුව Spicy Chicken Toppings (පැතිරෙන ලෙස) අතුරන්න. මීළඟට චීස් තීරු ( ටිකක් වැඩිපුර) ඉසින්න. ඉන්පසුව මිනිත්තු 12-15ක් පීසා එක බේක් කරගන්න. හොඳින් බේක් වූ විට පීසා එක රන්වන් පැහැයට හැරෙන අතර චීස් බුබුළු නගින හැටි දකින්න පුළුවන්. Then, enjoy your fiery and flavorful Kochchi pizza!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page