More
    Fashion and BeautyNight cream ගැන දැනගන්න

    Night cream ගැන දැනගන්න

    -

    spot_img

    Night cream එකක් ගාන එක පුරුද්දට වගේ කරාට, ගොඩක් දෙනාට මේ ගැන අවබෝධයක් නැහැ. නයිට් ක්‍රීම් ගැන දැනගන්න ඕනෙ මොනවද? සමට ගැළපෙනම නයිට් ක්‍රීම් එකක් තෝරගන්නෙ කොහොමද වගේ දේවල් මේ ලිපියෙන් කතා කරනවා.

    දවල් දවසෙම මහන්සි වෙලා වැඩකරලා, මේකප්, day cream වගේ එක එක ආලේපනවලින් රෑ වෙනකොට ඔබේ මුහුණේ සම විඩාවට පත්වෙලයි තියෙන්නෙ. ඉතින් මුහුණට හොඳ පිරිසිඳු කිරීමක් වගේම පෝෂණයක් ඕනෙ. ඒ නිසා නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.

    Night Cream

    මොනවද මේ නයිට් ක්‍රීම්?

    නමේ තියෙන විදිහට නයිට් ක්‍රීම් එකක් අපි use කරන්නෙ රෑට නිදියන්න කලින්. රෑ නින්දෙදි ඔබේ සම විවේක ගනිමින් ඉන්නකොට නයිට් ක්‍රීම් වලින් මුහුණේ සම පෝෂණය කරලා විඩාපත් සම refresh කරනවා. සම තුළ ගැඹුරින් ක්‍රියා කරන්න පුළුවන් විදිහට තමයි මේව හදලා තියෙන්නෙ.

    Night cream

    ඇයි නයිට් ක්‍රීම් එකක් ගාන්න ඕනෙ?

    නින්දේදි අපේ රුධිර සංසරණය දවල්ට වඩා හොඳින් සහ වේගවත්ව සිදුවෙනවා. දවල් දවස පුරාම සමේ රැඳුන අහිතකර දේවල් පිට කරන්නෙත් රෑ කාලෙට. ඒ නිසා නයිට් ක්‍රීම් එකකට පුළුවන් සම මත හොඳින් ක්‍රියාකාරී වෙලා පැහැපත්, මෘදු සමක් ලබා දෙන්න. සම හොඳින් පෝෂණය කර, රැලි වැටීම අවම කරලා නම්‍යශීලී කරන්නත් මේක ලොකු උදව්වක්.

    Night cream

    නයිට් ක්‍රීම් සහ ඩේ ක්‍රීම්වල වෙනස මොකක්ද?

    ඩේ ක්‍රීම් එකකින් දවල් කාලෙට සමේ තෙතමනය සුරකිමින්, අහිතකර හිරු රැස් වලින් ඔබව ආරක්ෂා කරනවා. නයිට් ක්‍රීම් කරන්නෙ දවල් කාලයේ damage වුණ සම නැවත හරි ගස්සන එක. නයිට්ක්‍රීම් එකක් ඩේ ක්‍රීම් එකකට වඩා වැඩියෙන් සමට පෝෂණය ලබා දෙනවා.

    Night cream

    නිවැරදිව නයිට් ක්‍රීම් එකක් තෝරා ගන්නේ කොහොමද?

    සමට ගැලපෙන නයිට් ක්‍රීම් එකක් තෝරාගැනීම වැදගත්. තෙල් සහිත සම, සාමාන්‍ය සම හෝ වියළි සම, ඒ වගේම ලප කැලැල් සහිත සම සඳහා විශේෂයෙන් නිපදවූ නයිට් ක්‍රීම් මිලට ගන්න පුලුවන්. ඔබේ සමේ ස්වභාවය ගැන නිවැරදිව දැනුවත්ව මිලට ගන්න.

    Night cream

    කොහොමද නයිට් ක්‍රීම් ගාන්නෙ ?

    ඉස්සෙල්ලම මේකප් ඉවත් කරගෙන මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න. ඔබ serum එකක්, eye cream එකක් ගානවනම් ඒවා ගාන්න. දැන් නයිට් ක්‍රීම් එකෙන් කුඩා ප්‍රමාණයක් ගෙන මුහුණේ තවරා ඇඟිලි තුඩු වලින් රවුමට මුහුණ පුරාම මසාජ් කරමින් ආලේප කරන්න. ඉන්පසු බෙල්ලේ ආලේප කරන්න.
    වයස විසි පහෙන් පසු අපේ සම වියපත්වීම ඇරඹෙන බැවින් නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම සමට ලබා දෙන්න පුළුවන් හොඳ සත්කාරයක්. ඒ නිසා නිවැරදිව නයිට් ක්‍රීම් පාවිච්චියෙන් ඔබේ සම හැමදාමත් ලස්සනට තියාගන්න පුළුවන්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page