ArtCall Me By Your Name පිරිමි දෙන්නෙක් අතර ප්‍රේමය...

Call Me By Your Name පිරිමි දෙන්නෙක් අතර ප්‍රේමය මොන වගේද…?

-

spot_img

Call Me By Your Name – ජීවයෙන් පිරුණ රන් පැහැ හිරු කිරණින් පරිසරය නහවමින් උදා වී තිබුණේ ගිම්හාන සෘතුව යි. දිලිසෙන කොළ පැහැති ගස්වැල් මත රත් පැහැයෙන් දිදුලන ඇපල්, පීච් වැනි ඵල හටගෙන තිබුණා. අතිශය නැවුම් ඒ පලතුරු රසයෙන් බොහොම මිහිරි යි. වරක් රසවින්ද හොත් ඒ රසයෙන් ඔබට ගැලවී යා නොහැකියි. අමතක කළ නොහැකියි. ඇබ්බැහි වෙන සුළුයි. ප්‍රේමයද එවැනියි.

ඒ ගෙවීයමින් පැවතුණේ 1983 වර්ෂය. සුන්දර ඉතාලියේ පුංචි ගම්මානයක්. කතා නායකයා Elio. ඔහු තවමත් දහ හත් හැවිරිදියි. ඒ මුහුණ ප්‍රතිමාවක මුහුණ තරම් කලාත්මකයි. තමන්ගෙ පවුලෙ අයත් එක්ක ජීවත්වුන මේ හීන්දෑරි ගැටවරයා බොහෝ සේ පොත් කියෙව්වා. සංගීතයට පෙම් කළා. ළමාවියට සමුදී සුන්දර යොවුන් වියට පිවිසීමේ ආශාවෙන් සහ කුතුහලයෙන් පසු වුණා. විසිහතර හැවිරිදි අමෙරිකානු කොල්ලෙකු වූ Oliver, Elio ගේ නිවහනට පැමිණෙන්නේ Elio ගේ පවුලේ අය සමග විවේකයෙන් දිනගත කිරීමේ අරමුණෙන්. කඩවසම්කමේ සංකේතයක් බඳුවූ මේ අමෙරිකානුවා Elio ගේ සිත සසල කරන්නට සමත්ව තිබුණා. අවුරුදු දහ හතක කොල්ලෙකුට ඒ හැඟීම නුහුරු එකක්. ප්‍රහේලිකාවක්. අනික ඔහු පිරිමියෙක්.

Call me by your nameCall me by your name

පොත් කියවමින්,පියානෝ වාදනය කරමින් Oliver හා එක්ව බයිසිකල් පදිමින්, සංචාරය කරමින් Elio ගේ දවස් ගතව ගියා. ඔහු හා එක්ව ගත කරන නිමේෂයන් ජීවයෙන් පිරී ඉතිරී ගොස් ඇතිවග Elio ට දැනුණා. තම සිතේ පිරුණු , නොඉවසිලිමත් හැඟීම් Oliver ට පවසන්නට Elio ට වූවමනා වුණා. ඔහුව සිපගන්න. තමා ඔහුට ආදරේ වග පවසන්න. හිරු රැසින් නෑවුන බොහොම නිස්කලංක වටපිටාවක තුරු ගොමුවකදී පීච් ඵලයකටත් වඩා මිහිරි ඔවුන්ගේ පළමු සිපගැනීම සිදුවුණා.

ඉතින් ඊට පස්සෙ..?

Call me by your nameCall me by your name

Call Me by Your Name මොහොතකට මේ ලෝකෙම අමතක කරලා දමලා සැනසෙන්න පුළුවන් සොඳුරු සිනමාපටයක්. සිත සැනසිල්ලෙන් පුරවා දමන බොහොම සොඳුරු ඉතාලි ගම්මානයකට ඔබව රැගෙන යෑමක්. පිරිමි දෙන්නෙක් අතර ප්‍රේමය මොන වගේද…? Elio සහ Oliver අතර බැඳීම බොහොම සුන්දරයි. බොළඳයි. ශෘංගාරයෙන් පිරුණු ඒ බැඳීම සැබැවින්ම සෙනෙහෙබරයි. ඒත් මේ ළයාන්විත හැඟීම්වලට, බොහොමයක් ආටෝප ප්‍රදර්ශනයන්ගෙන් සහ ආත්ම වංචාවන්ගෙන් සමන්විත වූ පියවි ලෝකය තුළ දී ඉඩක් තිබෙනවාද…? පියවි ලෝකය තුළ දී අපිට සිද්ධවෙනවා අපේ ප්‍රකෘති හැඟීම්වලට අගුළු දමාගන්නට. යම් දිනෙක අපිට සිදුවෙනවා අපි කෙතරම් කැමති ප්‍රේමයකට වුවත් සමුදෙමින් යථාර්ථය වැළඳගන්නට. කවියක් තරමටම සොඳුරු මේ සිනමාපටය ඔබට පසක් කර දෙන්නේ ඒ යථාර්ථයයි.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you