More
    ArtBlack Swan ගැහැණුකමට උදාහරණයක් ඇගේ පෙනුමෙන් විස්තර කරන්න පුළුවන්

    Black Swan ගැහැණුකමට උදාහරණයක් ඇගේ පෙනුමෙන් විස්තර කරන්න පුළුවන්

    -

    spot_img

    Black Swan – ඒ අම්මා ඉන්නේ මේ සිද්ධ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිව. “What happened my sweet girl…? අම්මා දුවගෙන් ප්‍රශ්න කරන්නේ ආවේගයෙන්. දරාගත නොහැකි පුදුමයෙන්. “She is gone…!” අම්මාටත් වඩා සද්දෙන් දුව බෙරිහන් දුන්නා. තමන් මුළු ලෝකෙන්ම පරිස්සම් කෙරුව, ලෝකයක් තරම් ආදරේ කෙරුව, රෝසපාට කාමරේක ජීවත්වුන තමන්ගෙ දුවමද මේ පිස්සියෙක් වගේ හැසිරෙන්නෙ කියලා ඇයට හිතාගන්න අමාරුයි.

    Black Swan

    ඒ අම්මාට සිටියා රෝසපාට දුවෙක්. ඇය Nina Sayers. අවුරුදු විසි ගණන්වල අවසානයේ පසුවුන Nina ගොඩක් අහිංසක, girlish කෙල්ලක්. ඇය සාමාන්‍යයෙන් ඇගේ වයසෙ පසුවන අයට තියෙන අත්දැකීම් නැති බයාදු ගෑණු ළමයෙක්. ඇය බැලේ නර්තන ශිල්පිනියක්. ඇගේ ජීවිතයම වුණේ නර්තනය. ඇය සතුටු කළ ලොකුම දේ වුණේ බැලේ. පුහුණුවීම් නිසාම ඇගේ දෙපා තුවාල වී තිබුණා. ඇතිවුණේ කොහොමද කියල කියන්න හේතුවක් දන්නෙ නැති තුවාලත් ඇගේ සිහින් සියුමැලි සිරුරේ තිබුණා. බැලේ නර්තන ශිල්පිනියකගේ ජීවිතයත් නිදහසේ ඔහේ පාවෙන මෘදු පිහාටුවක් වන් බැලේ නැටුමක් තරම් සොඳුරුද…?

    Black Swan

    නිනාගෙ ලොකුම බලාපොරොත්තුව වුණේ බැලේ නර්තනයේ විශිෂ්ඨයෙකු වෙන එක. ඈ ඒ වෙනුවෙන් කරන කැපවීම මේ කතාව පුරාවටම ඔබට පැහැදිළි වේවි. පුංචි දුර්වල ගැහැණු ළමයෙක් විදිහට ඇගේ සිහිනය උදෙසා ඈ ඒ කරන කැපවීම විස්මිත එකක්. psychological thriller වර්ගයට අයිති මේ කතාව Nina ගේ සිතිවිලි ගැන, යහපත් නොවූ මානසිකත්වය ගැන, එයාගෙ අම්මගෙ හොඳ දුව විදිහට එලියට දාන්න බැරිවුන, සිරකරගෙන ඉන්න සාමාන්‍ය කෙල්ලෙකුගේ හැඟීම් ගැන. ඒව රෝගී තත්වයන් විදිහට හඳුන්වනවනං ඇයට රෝගී තත්ව එකක් නෙමේ ගොඩක් තිබුණා.

    Black Swan

     

    ඔබේ සිහින හඹා යෑමට ඔබට එරෙහිව සිටින ලොකුම බාධකය ඔබමයි. එය වටහාගත් දිනයක ඔබට හැකිවේවි ලොවම දිනන්නට. ගැහැණුකමට උදාහරණයක් ගැහැණියකගෙ පෙනුමෙන් විස්තර කරන්න පුළුවන් නං මං පෙන්නන්නෙ Natalie Portman ගෙ වගේ රූපයක්. අහිංසක, ආදරේ හිතෙන, සියුමැලි sensual පෙනුමක්. ඇය තමයි මේ කතාවෙ Nina. ඇය අපිව රිදවනවා. රිදවන්න පුළුවන් ගොඩක් විදිවලින්. ඇගේ රඟපෑම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. 2011 වසරේදී හොඳම නිළිය සඳහා වූ academy සම්මානය Natalie Portman හිමිකරගන්නේ Black Swan චිත්‍රපටයේ Nina Sayers ගේ චරිතය රඟපෑම වෙනුවෙන්.

    Latest news

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයකු අත්අඩංගුවට

    කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයෙක්, අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...
    - Advertisement -spot_img

    Doughnut දරුවො ආසම කෑමක්

    Doughnut දරුවො ආසම කෑමක් පුංචි අය ආසම කෑමක් තමයි ඩෝනට්. එක එක පාට වලින් කැමති විදිහට හදාගන්න පුළුවන් ඩෝනට්, birthday...

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ Margaret Qualley කලා පවුලක සාමාජිකාවක් වුණ Margaret Qualley විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් නිළියක්....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page