More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsThe Court of Appeal හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවයි

    The Court of Appeal හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවයි

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    The Court of Appeal – ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් ඇප නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදුන් අභියාචනාධිකරණය එම පැමිණිල්ල යළි ජුනි මස 14 වන දා කැඳවන ලෙස අද [මැයි 08] නියෝග කළේය. ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා වූ හාඩි ජමාල්ඩීන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

    පැමිණිල්ලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාන්තා දිනය නිමිත්තෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යම් සිද්ධියකට අදාලව මෙම නඩුකරයේ පැමිණිලිකරු ඇපමත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය විවේචනය කරමින් වග උත්තරකාරිය විසින් අදහස් පල කර ඇතැයි චෝදනා කළේය. මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් පැමිණිකාර පාර්ශවයේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ වග උත්තරකාරිය විසින් සිදු කළ ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් වී තිබෙන්නේ කෙසේදැයි යන්නය. වග උත්තරකාරිය ඇයගේ ප්‍රකාශයේ යම්කිසි අධිකරණයක් හෝ කිසියම් නඩුවක අංකයක් හෝ සඳහන් කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එසේ තිබියදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විමසා සිටියේය.

    උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාලව විත්තිකාරියට එරෙහිව දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කරන චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය විරෝධතා තිබේනම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත ජුනි මස 14 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page