බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම
ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගම් 11 වැනි සංවත්සර උත්සවය අමතමින් කියා සිටියේය. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.




