Newsරේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට

-

spot_img

රේගුව ඩිජිටල්කරණයට 

ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” ඔක්තෝබර් මස 1 වනදා සිට ක්‍රියාවට නැංවේ. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ඇරඹෙන මෙමගින් කඩදාසි රහිත ක්‍රමවේදය හරහා රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව මෙන්ම වේගවත්ව සහ විනිවිදභාවයෙන් යුතුව ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව, මෙම මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආනයනකරුවන් සහ ප්‍රකාශකයන් විසින් සිය රේගු ප්‍රකාශන සහ අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය වන අතර පැරැණි ක්‍රමවේදයට අනුව යොමු කරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම තවදුරටත් සිදු නොකෙරේ. ඩිජිටල් අත්සන තැබීමෙන් පසුව සිදු කරනු ලබන යම් වෙනස්කම් ඇත්නම් ඒවා මෙම පද්ධතිය මගින් පහසුවෙන් හඳුනා ගනු ලබන බැවින්, වංචා සහ දූෂණ සඳහා ඇති ඉඩකඩ අවම වීම මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයකි.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත...

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක් එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති...

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී...
- Advertisement -spot_img

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක් එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති...

උතුරු තාරකාව

උතුරු තාරකාව - Chocolate and Nietzsche at the end of the world ඉතිහාසය නැවත නැවත කියවීම පහත පරිදි වේ, එය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you