Newsනීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

-

spot_img

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මීගමුව, හලාවත, පුත්තලම, මන්නාරම ඇතුළු ධීවර දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටු ස්ථාපිත කිරීමට යෝජනා විණි. මෙම කමිටුවල සම සභාපතිවරුන් ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරනු ලබයි. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගියදා (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම කමිටුව දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (ධීවර), ධීවර අමාත්‍යතුමා විසින් පත් කරන ලද ධීවර සම්බන්ධීකරණ නිලධාරී, ධීවර සමිතිවල අදාළ සාමාජිකයන්, ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යන ආයතන නියෝජනය වන පරිදි සමන්විත වනු ඇත. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන මත්ස්‍ය මංකොල්ලකෑම් වළක්වා ගන්නේ කෙසේද, ධීවර වෘත්තියේ නියැළෙන්නන්ට සිදු වන අනතුරු වළක්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳවද එහිදී වැඩිදුරයත් අවධානය යොමු විණි.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම...

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරාතුවම සපුරා ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට...

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...
- Advertisement -spot_img

රඟපාන චරිතය හැර වෙනත් කිසි දෙයක් සෙට් එකට ගේන්නෙ නෑ

රඟපාන චරිතය හැර වෙනත් කිසි දෙයක් සෙට් එකට ගේන්නෙ නෑ - Kay Kay Menon ඔහු ඉන්දියානු සිනමාව තුළ සුවිශේෂී අනන්‍යතාවයක්...

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරාතුවම සපුරා ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you