ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්
එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. ඒ අනුව රේගු බද්දට අමතරව අයකරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකරන අතර, අනිකුත් ආයතනවලට අදාළවද එවැනි සරල බදු ක්‍රම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.




