ලිසිං වාහනවලට එන අලුත් නීති
මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි. ඒ අනුව මූල්‍යකරණය යටතේ ලබා ගත් යම් දෙයක් වේ නම් එය නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණයට යටතේ 27 වැනි වගන්තියේ පැහැදිලි කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අදාළ බදු දෙන්නා විසින් මේ බැව් ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුවත් කළ යුතු බවත් ඒ හරහා නැවත පවරාගැනීමේදී පොලිස් සහාය ලබා ගැනීමට ද හැකියාව ඇති බවත් සහකාර පොලිස් අධිකාරීවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් නීති ප්‍රතිපාදන ප්‍රකාරව අයුතු ඇතුළුවීමක් හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.



