බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ
ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම ඇතුළු පුළුල් අරමුණු සහිත නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
දිවයිනෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීම සහ ගහනය පාලනය කිරීම විධිමත් කිරීම, වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම දැඩි නියාමනයකට ලක් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම මෙම නව පනත් කෙටුම්පතෙන් බලාපොරොත්තු වේ.




