වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව
ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ අගයක පවතින බවත් එම අගය සියයට 43ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම වාර්තාවක් පෙන්වා දෙයි.වසර 13ක පාසල් කාලයත්, ඉන් පසු උසස් අධ්‍යාපනයත් සාර්ථකව නිම කරන මෙරට උගත්, බුද්ධිමත් සිසු ප්‍රජාවේ මීළඟ අපේක්ෂාව වන්නේ රැකියා සිහිනය යථාර්ථයක් කරගැනීම වුවද රට තුළ රැකියා විරහිත උපාධිධාරීන් දිනෙන් දින වැඩීවීම ඛේදනීය ගැටලුවක්ව ඇත.




