Newsදුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

-

spot_img

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවූ සමස්ථ ආදායම රුපියල් කෝටි පහකට ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. වර්තමානය වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක සාමාන්‍ය ආදායම රුපියල් කෝටි දෙකකට අධික බවත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කරන කාලයේ එනම් 2022 වසරේදී දිනක ආදායම රුපියල් කෝටි තුනකට ආසන්න බවත් එම නිලධාරියා සඳහන් කළේය. 

 train strike

දුම්රිය වෘත්තීය සමිති 29 ක් එකතුව පසුගිය 16 වැනි දා මධ්‍යම රාත්‍රියේ පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එම වැඩ වර්ජනය අවස්ථාවේදී දුම්රිය ස්ථානවලින් සියයට අනූ නවයකම ප්‍රවේශ පත් නිකුත් නොකළ අතර ප්‍රවාහනය සඳහා භාණ්ඩ සහ පාර්සල්ද භාර ගැනීම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළුව දුම්රිය ස්ථාන රැසකම අත්හිටුවා තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ වැඩ වර්ජනය හේතුවෙන් දෙපාර්තමේන්තුවට අහිමි වූ ආදායම මෙතෙක් ගණනය කර නොමැති බවත් එම තොරතුරු ලබන සඳුදා දිනයේ දී නිකුත් කිරීමට හැකියාවක් ඇති බවත්ය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...
- Advertisement -spot_img

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න - Alia Bhatt බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you