Newsආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

-

spot_img

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් – Sivarasa Anojan

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී ඇතැයි වාර්තා වන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීම සඳහා ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමත් සිදු කළ යුතුව ඇති බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රි සිය පෞද්ගලික ගිණුමේ සටහනක් තබයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිවරාසා අනෝජන් නමැති තරුණයාට මුලින් නියම වී තිබූ පස් අවුරුදු සිර දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ යෑම පිළිබඳ තමන් දැඩි සේ කණගාටුවටත්, කණස්සල්ලටත් පත්ව ඇති බව ඔහු සඳහන් කරයි. 

Sivarasa Anojan

මෙම සිද්ධියේ මුලය සොයා යෑමේදී වාර්තා වන්නේ කතරගම බලා ගමන් කළ හින්දු බැතිමතුන්ගේ පාද යාත්‍රාවක් අතරතුර, එම බැතිමතුන් විසින් ‘සුබ්‍රමනි’ ලෙස නම් කරන ලද අතරමං වූ සුනඛයෙකු ඔවුන් සමඟ කිලෝමීටර් සිය ගණනක් ගමන් කර තිබු අතර, කල්මුණේ ප්‍රදේශයේදී මුස්ලිම් තරුණයකු විසින් එම සුනඛයාට පයින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබිණි. සිවරාසා අනෝජන් විසින් ෆේස්බුක් හරහා බෙදාහරින ලද එම වීඩියෝවට අදහස් දැක්වූ පිරිස අතර එය ආගමික සංවාදයක් දක්වා වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලාංකික ආගමික අන්තවාදීන් පිරිසක් විසින් දමිළ බසින් සිදුවූ මෙම සංවාදයන්හි ඉංග්‍රීසි සහ අරාබි පරිවර්තන සිදුකොට ඊමේල් මාර්ගයෙන් නිල වශයෙන් එය සෞදි අධිකරණයට පැමිණිලි කර ඇති බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ.

Sivarasa Anojan

ඒ අතර මහාධිකරණය විසින් වසර පහකට ලබාදී තිබු සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපීල් කිරීමෙන් පසුව සිවරාසා අනෝජන්ට මරණ දඬුවම නියම කළ යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ නීති පද්ධතිවල, අභියාචනයක් ඉදිරිපත් කරන වරදකරුවෙකුට පෙර තිබූ තත්ත්වයට වඩා නරක ප්‍රතිඵලයකට මුහුණ දීමට සිදු නොවේ. නමුත් සෞදි අරාබිය තුළ එවැනි ආරක්ෂාවක් නොමැත. සෞදි මිනීමැරුම් සහ පහරදීම් නඩු වලදී, වින්දිතයාගේ පවුලට වරදකරුට සමාව දීමට හෝ වන්දි ලබා ගැනීමට හැකි අතර, මරණ දඬුවම අවලංගු කරනු ලැබේ. එම නඩු නිතිපතා සමාව දීමෙන් අවසන් වන අතර, ගල්ෆ් කලාපයේ මරණ දඬුවමට මුහුණ දෙන පුරවැසියන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයන් මීට පෙර එම මාර්ගය භාවිතා කර ඇත.

Sivarasa Anojan

නමුත් සිවරාසා සම්බන්ධ නඩුවේදී සෞදි රාජ්‍යය හැර අන් කිසිවෙකු ඔහුට සමාව දීමට ඉදිරිපත් වී නැත. මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ රජු රාජකීය නියෝගයෙන් එය අනුමත කිරීමෙන් පසුව පමණි, එමඟින් රජු එය නැවැත්විය හැකි එකම පුද්ගලයා බවට පත්වේ. අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් වඩාත් දැඩි දඬුවමක් ලැබිය හැකි බවට වූ කරුණ හෝ “අතිශය අඩු” සාර්ථකත්වයක් සහිත බවට වූ තක්සේරුව ශ්‍රී ලංකා රජය විසින් සිවරාසාගේ පවුලේ අයට පෙන්වා දුන්නේද, නැතහොත් ඒ පිළිබඳව ඔවුන්ට පැහැදිලි කළේ ද යන්න තහවුරු වී නොමැති බව Jaffna Monitor සමාලෝචනයේ සඳහන් වේ.

Sivarasa Anojan

මෙකී තරුණයා නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය මගින් විශේෂ මැදිහත්වීමත් සිදු කර ඇති බවත් රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය එකාබද්ධව සම්බන්ධීකරණය කරමින් ඊට අදාළ සාකච්ඡා පවත්වන බවද අමාත්‍ය විජිත හේරත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you