ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට ගෙනඒම තහනම් කිරීමටත්, තාවකාලික වීසා මත සිටින පිරිසට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සඳහා වන නීති ද තද කිරීමටත් ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.

දැනට පවතින නීති ක්‍රමයට අනුව සිසුන්ගේ සහකරුවන්ට එරටේ රැකියාවල නිරත වීමටත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් එරටට ගෙන්වා ගැනීමටත් අවස්ථාව තිබුණු අතර ඉදිරියේදී මෙම තත්වය වෙනස් වනු ඇත. ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් (Tony Burke) විසින් මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව නිල වශයෙන් දැනුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




