Newsඅධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

-

spot_img

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී අවධානය යොමු ව ඇතැයි වාර්තා වේ. එහිදී අනාවරණය වී ඇත්තේ වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව බන්ධනාගාර තදබදයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවය.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවන බවද එහිදී අනාවරණ වී ඇති අතර ඇතැම් සැකකරුවන් මාස 18 සිට වසර දෙකක් දක්වා කාලයක් රස පරීක්ෂක වාර්තා නොමැතිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව නිලධාරීන් පෙන්වා දී ඇත. සුළු මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ඇබ්බැහි වූ පුද්ගලයන් සෘජුවම බන්ධනාගාරගත කිරීම වෙනුවට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීම පිළිබඳවද අවධානය යොමු ව ඇත.

MP Najith Indika
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික

එමෙන්ම රැඳවියන් භෞතිකව අධිකරණ වෙත රැගෙන යාම වෙනුවට දුරස්ථ තාක්ෂණය සහ වීඩියෝ සම්බන්ධතා ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවද මෙහිදී මතුව ඇත. මීට අමතරව, වසර හතරකට අඩු දඬුවම් ලැබූ සිරකරුවන්, දඩ මුදල් ගෙවාගත නොහැකි සුළු වැරැදිකරුවන් සහ වයෝවෘද්ධ හා දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රමවේද යටතේ විකල්ප ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද අවධානය යොමුව ඇත. වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී තිබේ. බන්ධනාගාර යටිතල පහසුකම් පුළුල් කිරීම, පැරැණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, මිල්ලෑව/හොරණ නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම සහ තදබදය අඩු බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී ඇත.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...
- Advertisement -spot_img

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you