Newsමේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක්

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක්

-

spot_img

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක්

තෙල් අර්බුදය පිළිබද ආණ්ඩුවට ස්ථාවර වැඩපිළිවෙලක් නොමැති බවත් තිබුණු ආණ්ඩු වලට දොස් කියමින් සිටියා මිස ඉන්නධ ගබඩා කර නොගත් බවත් තෙල් සහනාධරය අහිමි කර ඇති බැවින් පෞද්ගලික ඉන්ධන ආනයනික ආයතන තුනම තෙල් ගෙන්වීම අවම කර ඇති නිසා ආණ්ඩුවට තෙල් ප්‍රශ්නය විසඳිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. ඔහු මේ බව පැවසුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවක් අමතමිනි. තෙල් ගෙන්වන පෞද්ගලික ආයතන වෙනදා ගෙන ආ බවුසර් ප්‍රමාණය අද මිලදී නොගන්නා නිසා දුෂ්කර පළාත් වල පිරවුම්හල් වලට තෙල් නොමැති හේතුවෙන් ඒවා වැහෙන තත්වයක පවතින බව පැවසු මන්ත්‍රීවරයා,

“ජනාධිපති කියනවා ඉන්ධන සහනාධාර දෙනවා කියලා.. ඉදිරියේදී බලු බද්දක් එනවා… ජනතාවට බල්ලෙක් හදන්නත් වෙන්නේ නෑ බදු ගෙවන්නේ නැතුව.. පළාත් පාලන ආයතන වලට පශු වෛද්‍ය වරයෙක් අවශ්‍ය වෙනවා… පශු වෛද්‍ය වරුන්ගේ හිගයක් තිබෙනවා… කොහොමද බල්ලන් පිළිබද පළාත් පාලන ආයතන සියල්ලටම පශු වෛද්‍ය වරයෙක් දෙන්නේ…. ලංකාවේ හෝල් ඇතුලේ තිබෙන උත්සව වල ගීත ගායනා කරන්න මුදල් ගෙවා අවසරයක් ගන්න ඕන ඉදිරියේදී… ඒ වගේම සංගීත කණ්ඩායම් පැමිණ ගීත කියන ආයතන ව්‍යාපාරික ස්ථාන සුපිරි වෙළඳ සැල් සියල්ල රුපියල් 20000 සිට 120000 දක්වා බදු මුදලක් ගෙවන්න වෙනවා… මේ ආණ්ඩුව ජනතාවට ඇඩෙන්න බදු අය කරන්න යන්නේ…”

Dayasiri-Jayasekara
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

“නිවාස සුර්ය පැනල ඉදිකරන්න පුළුවන් කිලෝ වොට් 05 යි… ජනතාවට අවශ්‍ය ටික භාවිතා කරලා ගන්න තිබුණු මුදල අද නැති වෙලා තියෙනවා…. කිලෝ වොට් 05 ට ලැබෙන්නේ රුපියල් 14000 යි…. පනස් දාහක බිලක් එන කෙනාට ඉතුරු ටික අතින් ගෙවන්න වෙලා…. වහල කොපමණ ඉඩ තිබ්බත් අද ජනතාවට අවශ්‍ය පරිදි සුර්ය පැනල ඉදිකරන්න බෑ… අද ඒ කර්මාන්තය කඩා වැටීගෙන යනවා රැකියා දහස් ගණනක් අහිමි වෙනවා…. ඉන්ෂුරන්ස් කාර්ඩ් එක නවත්තලා…. ඩිජිටල් යුගයට යනවා කියලා ඇවිත් අද ඉන්ෂුරන්ස් කාර්ඩ් එකත් අහිමි කරලා… 4G කණු 1000 ක්‌ හදනවා කිව්වා එහෙම වූණොත් එක දවසට එක කණුවක් හදන්න ඕන විශ්ව විද්‍යාල 50 හදනවා කිව්වා… වැව් හදනවා කිව්වා.. මේ කියපු කිසි දෙයක් කරන්න බෑ.. බොරු කියලා අන්දනවා… අපි අගමැති තුමියගේන් අපි අහන්නේ එදා ජාතික ජනබලවේගයේ මතය මේකද කියලා…. අපි අද පොල්දුව මන්සන්දියට එන්නෙ ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වයට එරෙහිව…. ”

යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වීය.

✍️හේමන්ත වික්‍රමපාල විසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...
- Advertisement -spot_img

වෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල්

වෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල් - Devilled Squid දැල්ලෝ කියන්නේ සී ෆුඩ් අතරෙ ජනප්‍රියම කෑමක්. ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ දැල්ලො...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you