දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවූ සමස්ථ ආදායම රුපියල් කෝටි පහකට ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. වර්තමානය වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක සාමාන්‍ය ආදායම රුපියල් කෝටි දෙකකට අධික බවත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කරන කාලයේ එනම් 2022 වසරේදී දිනක ආදායම රුපියල් කෝටි තුනකට ආසන්න බවත් එම නිලධාරියා සඳහන් කළේය.




