Newsරේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි

-

spot_img

රේගුව ආදායම් සීමා ඉක්මවයි – Exceeds income limits

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන 1373. 7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ . රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කළේ මෙය වසරේ ජූනි 30 වැනිදායින් අවසන් වන පළමු මාස හය සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා ඇති බවය.

මුල් මාස හය සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1065.5ක් වූ අතර එම ඉලක්කය අබිබවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට රේගු දෙපාර්තමේන්තුව සමත්ව ඇත. මෙම වසර සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2206කි. මෙම තත්වයත් සමඟ පසුගිය වසරේදී උපයාගත් රුපියල් ට්‍රිලියන 2.5ක වාර්තාගත සමස්ත ආදායම ද මේ වසරේ දී ඉක්මවා යාමේ හැකියාවක් පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Sri Lanka Customs
රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා

ඒ අනුව ජූලි මාසය සඳහා රේගුව වෙත පැවරී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක් වන අතර ඉන් පළමු දින දෙක තුළ පමණක් රුපියල් බිලියන තිස් එකක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත් වී ඇත. කෙසේ වුවද මෝටර් රථ ආනයනය සීමා වීම නිසා එම ක්ෂේත්‍රයෙන් හිමි වන ආදායමේ යම් අඩුවීමක් දක්නට ඇති බවත් චන්දන පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you