Foodනාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

-

spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු – Nasi Goreng

එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා. මේ රයිස් වර්ග අතරින් ලංකාවෙ ජනප්‍රියම රයිස් එකක් තමයි නාසිගුරාන් කියන්නෙ (Nasi Goreng). මේක ඉන්දුනීසියාවට ආවේණික ගොඩක් රටවල ජනප්‍රිය කෑමක්. පවුලේ හැමෝටම රසවිඳින්න, ඩිනර් එකකට වගේම විශේෂ උත්සව අවස්ථාවකටත් හොඳටම ගැළපෙනවා. නාසිගුරාන් එකක් නිවැරදිව රසට හදාගන්න විදිහ බලමු. මේකට උණු බත් වෙනුවට කලින් දවසෙ පිසූ බත් ෆ්‍රිජ් එකේ තියලා ගත්තොත් වඩාත් රසවත්. 

Nasi Goreng

• අවශ්‍ය ද්‍රව්‍ය

පිසගත් බාස්මතී බත්

සිහින්ව කොටු කපාගත් කුකුල් මස් 150 g Nasi Goreng

පොතු ඉවත් කරගත් ඉස්සන් 100g

රවුමට කපාගත් දැල්ලන් 100g

කොටු කපාගත් කැරට් 100g

සිහින්ව කපාගත් ගෝවා 100g

සිහින්ව කපාගත් ළූණු කොළ 100g

ලොකු ළූණු ගෙඩියක්

රතු මිරිස් කරල් දෙකක් හෝ බෙල් පෙපර් ගෙඩි භාගයක්

ඉඟුරු-සුදුළූණු පේස්ට් තේ හැඳි 2ක්

සෝයා සෝස් සහ ෆිෂ් සෝස් අවශ්‍ය පමණට

ලුණු

ගම්මිරිස් කුඩු

බටර් හෝ තෙල් මේස හැඳි 1ක්

බිත්තර 2ක්

චිලි පේස්ට් මේස හැඳි 1ක්

• සාදන ආකාරය

ඉස්සෙල්ලම ලොකු පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටික දාලා රත් කරගෙන කපාගත් කුකුල් මස්, ඉස්සන් සහ දැල්ලන් එකතු කර හොඳට බැදගන්න. මේ ටික බැදීගෙන එනකොට කැරට්, ලොකු ළූණු සහ කපාගත් රතු මිරිස් හෝ බෙල් පෙපර් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

Nasi Goreng

දැන් පෑන් එකේ මැදින් පොඩියට ඉඩක් හදාගෙන ගසාගත් බිත්තර දෙක එකතු කරලා ස්ක්‍රැම්බල් කරගෙන අනිත් දේවල් එක්ක ආයෙම කලවම් කර ගන්න. ඊළඟට හීනියට කපාගත් ගෝවා එකතු කරලා තව ටික වේලාවක් බැදගන්න. දැන් චිලි පේස්ට් චිලි පේස්ට් එකතු කරගෙන හොඳට කවලම් කරලා බත් ටික එකතු කර ගන්න. හැන්දෙන් ගොඩක් පොඩි කර ගන්නෙ නැතුව බත් මිශ්‍ර කරමින් විනාඩි පහක් විතර බැදගන්න.

අන්තිමට රස අනුව සෝයා සෝස්, ෆිෂ් සෝස්, ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කර රස බලන්න. කැමති නම් සීනි ස්වල්පයක් එකතු කරන්නත් පුළුවන්. දැන් ලිප ඕෆ් කරලා ළූණු කොළ ටික එකතු කරලා හොඳට කවලම් කරන්න. සාමාන්‍යයෙන් නාසිගුරාන් එක බැදගත්ත බිත්තරයක් එක්ක පිළිගන්වනවා. මේකට බැදගත් ඉස්සන්, චිකන් හෝ අන්නාසි, තක්කාලි, පිපිඤ්ඤා පෙති එකතු කරගෙන සරසගන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you