NewsSmallest Bear මිනිස් හැසිරීම් සහිත ලොව කුඩාම වලසා

Smallest Bear මිනිස් හැසිරීම් සහිත ලොව කුඩාම වලසා

-

spot_img

Smallest Bear – මීට දින කිහිපයකට පෙර චීන සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ කුඩා වලසෙකුගේ වීඩියෝවක් ලොව පුරා කතාබහට ලක්වුවා. ඒ එම වලසාගේ හැසිරීම් මිනිසෙකුගේ ක්‍රියාකාරකම් වලට බෙහෙවින්ම සමාන වූ හෙයිනි. මෙම වීඩියෝව නිකුත් කර තිබුණේ නැගෙනහිර චීනයේ Hangzhou නම් සත්ව උද්‍යානයේ සිටි වලසෙකු පිළිබඳව වූ අතර ඔවුන් මෙම කුඩා වලසා හඳුන්වා තිබුණේ “ඇන්ජෙලා” යන නමිනි. මෙය වලසෙකු ලෙසින් සැරසී පෙනී සිටින මිනිසෙකුගේ වීඩියෝවක් බවට සැක පහල වෙමින් තිබියදී CNN පුවත් සේවය මෙම වලසා පිළිබඳව අනාවරණයක් කොට තිබුණා.

CNN පුවත් සේවයේ වාර්තාවට අනුව මෙම කුඩා වලසා ආසියාව තුළ සීග්‍රයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති “Sun bear” නමින් හඳුන්වන කුඩා වලස් වර්ගයක් බවට සත්ව සංරක්ෂකයින් අදහස් දක්වා තිබෙනවා. මිනිසෙකුගේ හැසිරීමට බොහෝ සෙයින් සමාන ක්‍රියාකාරකම් ඇතිවීම හේතුවෙන්ම සිද්ධ වන වරදවා වටහා ගැනීමත් මෙම සත්වයා වඳවී යෑමට එක් හේතුවක් වී ඇතැයි සත්ව සංරක්ෂකයින් පෙන්වා දෙනවා.

Smallest bear

එමෙන්ම එක රැයකින් ලෝකයේම අවධානයට ලක්වූ “ඇන්ජෙලා” නම් වලසා නිසා එම සත්ව වර්ගයා ආරක්ෂා කර ගැනීමට මාර්ගයක් විවර වූ බව සත්ව සංරක්ෂකයින් පෙන්වා දෙනවා. නීති විරෝධී සත්ව ජාවාරම්,දඩයම් හා වන විනාශයන් හේතුවෙන් මෙම හිරු වලසුන් දිනෙන් දින වඳවීමේ තර්ජනයට මුහුණ දෙන බවත් ඔවුන් පවසනවා. දිගු කාලයක් තිස්සේ මෙම වලසුන් පිළිබඳව පර්යේෂණ කරන මැලේසියානු ජීව විද්‍යාඥයෙකු වන Wong Siew පවසා තිබුණේ මෙම වීඩියෝව හේතුවෙන් හිරු වලසුන් පිළිබඳව විශාල කතිකාවතක් ඇතිවීම පිළිබඳව තමා ඉහමත් සතුටට පත්වූ බවයි.

-CNN ඇසුරෙනි-

Photo Credits – China Internet/Reddit.com

 

 

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you