NewsWhite House ධවල මන්දිරයෙන් කොකේන් සොයාගැනේ

White House ධවල මන්දිරයෙන් කොකේන් සොයාගැනේ

-

spot_img

White House – කොකේන් බවට සැක කරන ද්‍රව්‍යයක් ධවල මන්දිරයේ බටහිර අංශයේ තිබී හමුවීමත් සමගින් පසුගිය ඉරිදා (ජුනි 03) ධවල මන්දිරය තාවකාලිකව වසා දැමුණා.

මෙම ද්‍රව්‍ය Cocaine, hydrochloride බව රහස් සේවා විසින් සොයාගත් අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතිනවා. ධවල මන්දිරයට කොකේන් ඇතුළු වූයේ කෙසේද සහ එයට හේතුව පිළිබඳව විමර්ශනයක් බලාපොරොත්තු වෙන බව රහස් සේවා පවසා සිටියා.

මහජනතාවට සහ සංචාරකයන් සඳහා විවෘතව ඇත්තේ ධවල මන්දිරයේ නැගෙනහිර කොටසයි. කොකේන් බවට සැක කෙරෙන ද්‍රව්‍ය හමුවූ බටහිර කොටසේ ජනපති ජෝ බයිඩන්, උප ජනපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ කාර්යාල පිහිටා තිබෙනවා. කෙසේ වෙතත් මෙම ද්‍රව්‍ය සොයාගන්නා විට ජනපති ජෝ බයිඩන් සහ ඔහුගේ පවුලේ අය ධවල මන්දිරයේ සිට නොමැති බවට වාර්තා වෙනවා.

– Hindustan Times ඇසුරෙනි –

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you