NewsVisa Free 2024 අවුරුද්දේ වීසා නැතුව යන්න පුළුවන් රටක්

Visa Free 2024 අවුරුද්දේ වීසා නැතුව යන්න පුළුවන් රටක්

-

spot_img

Visa Free – වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම වෙනුවට සියලුම සංචාරකයින්ට විද්‍යුත් සංචාරක අවසර පතක් ලබාදිය හැකි ඩිජිටල් වේදිකාවක් තම රජය විසින් සකස් කර දී ඇති බව කෙන්යානු ජනාධිපති William Ruto පවසයි. “ලෝකයේ ඕනෑම කොනක සිට කෙන්යාවට පැමිණීම සඳහා වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ බර තවදුරටත් උසුලාගෙන යෑමට අවශ්‍ය නොවනු ඇත.” කෙන්යාවේ,  අගනුවර පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වීමේ 60 වසර සැමරීමේ උත්සවයක් අමතමින් ඔහු එසේ පවසා තිබිණි.

Visa Free

සංචාරක කර්මාන්තය කෙන්යාවේ ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහි ඉන්දියානු සාගර වෙරළ තීරයේ වෙරළ නිවාඩු දින සහ රට අභ්‍යන්තරයේ වනජීවී සෆාරි ලබා දෙයි. කෙන්යානු ජනාධිපතිවරයා, අප්‍රිකානු මහාද්වීපය තුළ වීසා රහිත සංචාරක ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා දිගු කලක් තිස්සේ පෙනී සිටි අයෙකි. ඔක්තෝම්බර් මාසයේදී කොංගෝ ජනරජයේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු කියා සිටියේ, අප්‍රිකානු රටවල පුද්ගලයින්ට 2023 වසර අවසාන වන විට කෙන්යාවට යෑමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවයි. පැවසු ලෙසින්ම, පසුගිය දෙසැම්බර් 12 වනදා වන විට සිය පොරොන්දුව ඉටුකරමින් ජනපති රූටෝ පැවසුයේ, “කෙන්යාව මනුෂ්‍යත්වය වෙනුවෙන් ලබාදෙන සරල පණිවිඩයක් ඇත, ඒ අපි ඔබව අපේ නිවහනට සාදරයෙන් පිළිගන්නවා! ” යනුවෙනි.

-Reuters ඇසුරෙනි-

Image Source: Grashom Online / Planet Rulers

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you