FeaturesSuicide මල්ලිගේ මිනිය දැකලා මගේ හදවත නතරවුණා

Suicide මල්ලිගේ මිනිය දැකලා මගේ හදවත නතරවුණා

-

spot_img

Suicide – “පොලීසිය දොර කඩාගෙන ගෙට ඇතුල් වෙද්දී චුටි මල්ලිගේ ප්‍රාණය නිරුද්ධ සීතල සිරුර ඇඳ උඩ වැටිලා තිබුණා. ඒ මැයි මාසයේ ගිම්හාන කාලය වුණත්, මල්ලිව දැකලා මගේ හදවත ශීත සෘතුවකදී වගේ ගල් ගැහිලා නතර වුණා” 2018 වසරේදී, දකුණු කොරියාවේ Seoul අගනුවර පොලීසිය විසින් වයස අවුරුදු 35 ක් වන Jun-an ගේ මළසිරුර සොයාගත් අවස්වථාව ඉතා සංවේදීව එසේ සිහිපත් කරනුයේ ඔහුගේ සොහොයුරා වන Jang Jun-ha විසිනි. සිය සොහොයුරාගේ මරණයට හේතුව සියදිවි නසාගැනීමක් බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබිණි.

දකුණු කොරියාව K-pop සහ Samsung වැනි ගෝලීය සමාගම් සඳහා ප්‍රසිද්ධ නමුත් බාහිර වශයෙන් එලෙස සාර්ථක වූ මෙම සමාජය තුළ සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයන් 35කට වැඩි පිරිසක් සිය දිවි නසා ගන්නා අතර වයස අවුරුදු 10ත් 39ත් අතර පුද්ගලයන්ගේ මරණ වලට ප්‍රධානතම හේතුව සියදිවි නසා ගැනීමයි. සියදිවි නසා ගැනීම දකුණු කොරියාවේ එතරම් සංවේදී කාරණයක් වන නිසා තම පවුලට සිදු වූ දේ ගැන විවෘතව කතා කිරීම ජෑන්ට තවමත් දුෂ්කර ය. “මම කවදාවත් හිතුවේ නෑ මගේ මල්ලි එයාගේ ජීවිතය නැති කර ගනියි කියලා. එහෙම ලොකු පීඩනයක් මල්ලිගෙන් පේන්න තිබ්බෙත් නෑ. සමහරවිට මල්ලි හිතන්න ඇති අපේ පවුලට තියන බර සැහැල්ලු කරන්න ඕනේ කියල.” ඔහු පවසයි.

මෙම සියදිවි නසාගැනීමට වසර පහකට පෙර, එනම්, 2013 දී ජුන්-ආන් සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබිණි. 2010 දී දකුණු කොරියාව උතුරු කොරියාව සමඟ සියලු ආර්ථික සබඳතා අත්හැර දැමූ විට, ජුන්-අන්ගේ පවුල ආර්ථිකව ඉතා දුෂ්කර කාලයක් ගත කළහ. මෙය සිදු වූයේ නැවියන් 46 දෙනෙකුට මරු කැඳවූ Cheonan යුද නෞකාව ගිල්වීමෙන් පසුවය. ඔහුගේ පියා උතුර සමඟ ව්‍යාපාර කළ සමාගම් කිහිපයෙන් එකක් පවත්වාගෙන ගියේය. හදිසියේම එම සබඳතා අවසන් වීම ව්‍යාපාරය බංකොලොත් වීමට හේතු වී තිබේ. පවුලට වෙන්,වෙන්ව විවිධ ස්ථානවල ජීවත් වීමට සිදු වූ අතර ඔහුගේ පියා පවත්වාගෙන ගිය ව්‍යාපාරය අසාර්ථක වූ හෙයින්, තම බාල සොහොයුරා ඔවුන්ගේ “පවුලේ එකම බලාපොරොත්තුව” බවට පත් වූ බව ජෑන් පවසන්නේ තම සහෝදරයාට එල්ල වූ පීඩනය සිහිපත් කරමිනි. “අනෙක් බොහෝ කොරියානු පවුල් වගේම, මල්ලිත් පවුල වෙනුවෙන් සාර්ථක වීමේ දැඩි පීඩනයක හිටපු බව මං දැනගත්තේ පස්සෙ. මගේ මල්ලි මානසික අවපීඩනය සමඟ දරුණු විදිහට සටන් කරමින් හිටපු බව එයා මැරෙන තුරු නොදැන සිටීම ගැන මගේ හදවත තවමත් කම්පා වෙනවා.” යැයි ජෑන් පවසයි.

Suicide

තම සොහොයුරා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සෑම සතියකම මනෝ චිකිත්සක ප්‍රතිකාර සඳහා ගොස් ඇති බව ජෑන් දැනගෙන ඇත්තේ සොහොයුරාගේ මරණයෙන් වසර පහකට පසුවයි. ජුන්-ආන් පාසැලේ හොඳින් ඉගෙනගෙන විදෙස් රටක අධ්‍යාපනය ලැබීමට සැළසුම් කර ඇති නමුත් පවුලේ අයට තවදුරටත් ඔහුට සහාය වීමට නොහැකි වී තිබේ. 2013 දී ජුන්-ආන් සියදිවි නසා ගැනීමට උත්සාහ කරන විට, ජෑන් තම පවුලේ ණය ගෙවීම සඳහා කාර්යබහුල වූ අතර ඔහුගේ දෛනික රැකියාව කරන අතරතුර සුදුසුකම්ලත් මනෝ උපදේශකයෙකු වීමට උත්සාහ දරමින් සිටියේය. අද වනවිට ජෑන් සෝල් හි මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක සායනික මනෝවිද්‍යාඥයෙකු ලෙස සේවය කරයි. සියදිවි නසාගැනීම්වලට ගොදුරු වූ පවුල්වලට හෝ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති පුද්ගලයින්ට උපකාර කරයි. සියදිවි නසාගැනීම් නිසා ආදරණීයයන් අහිමි වූ ඔහු වැනිම පවුල් සඳහා උපකාරක කණ්ඩායම් ද මෙහෙයවයි. “මිනිසුන්ට ඔවුන්ගේ හැඟීම් නිදහසේ සහ ආරක්ෂිතව බෙදාගැනීමට වැඩි ඉඩක් අවශ්‍යයි. සාර්ථක වීමට විවිධ ක්‍රම ඇති බව අපි මිනිසුන්ට මතක් කර දිය යුතුයි.” ඔහු එසේ පවසයි. තම සොහොයුරා මියයාමට පෙර තම දෙමාපියන්ට සහ පවුලට, ඔවුන් හැර යාම ගැන “සමාවෙන්න” කියා සටහනක් තබා තිබු බව පවසන ජෑන්, පවුලේ අය සමඟ ඔහුගේ සොහොන බැලීමට ගිය විට, “කමක් නැහැ! සමාව ගන්න එපා! කණගාටු වෙන්න එපා! අපි එකිනෙකා ගැන සැළකිලිමත් වෙමින් හොඳින් ඉන්නවා.” යැයි තම සහෝදරයාට පැවසු බව කියයි.

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මෙම ලිපියේ සඳහන් ආකාරයේ ගැටළුවකට මුහුණ දී ඇත්නම්, උපකාර සඳහා පහත සබැඳි වෙත යොමුවන්න.

 BBC Action line / Suicide Prevention

-BBC News ඇසුරෙනි- by Serin Ha

Image Source: BBC News

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you