NewsUS අධික සීතලෙන් 60 කට වැඩි පිරිසක් මරුට!

US අධික සීතලෙන් 60 කට වැඩි පිරිසක් මරුට!

-

spot_img

US – මෙම සති අන්තයේ එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ පුරා පවතින අධික හිමපතනය හේතුවෙන් දැඩි ශීත දේශගුණයක් පවතින අතර, මිලියන දස දහස් ගණනක් එම අධික සීතල විඳදරාගනිමින් සහ අයිස් කඳු පුපුරා යාමේ තත්වයන්ට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. පසුගිය සිකුරාදා ඊසානදිග සහ මැදපෙරදිග ප්‍රදේශ හිම වලින් වැසී ගිය අතර, එක රැයකින් පහත වැටුණු උෂ්ණත්වය හේතුවෙන් මාර්ග අයිස් තට්ටු වලින් වැසී ගොස් තිබු බව දක්නට ලැබිණි. මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් 60 ඉක්මවන බැව් Mississippi හදිසි කළමනාකරණ ඒජන්සිය නිවේදනය කර තිබිණි.

එක්සත් ජනපද ජාතික කාලගුණ සේවයට අනුව, Minneapolis හි තනි ඉලක්කම් දක්වා උෂ්ණත්වය ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන ලද අතර Chicago සහ St. Louis හි සීතල සුළං උතුරු තැනිතලාවේ සමහර ප්‍රදේශ හරහා ෆැරන්හයිට් අංශක සෘණ 30 ක් තරම් අඩු අගයකට ගොස් තිබේ. සමස්තයක් ලෙස ගත් කල, මෑත දිනවල ඇති වූ භයානක ශීත කාලගුණ රැල්ල මධ්‍යයේ ඇමරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් පුද්ගලයින් 61 දක්වා වර්ධනය වී තිබේ. බොහෝ මරණ වාර්තා වී ඇත්තේ Tennessee ​​සහ Oregon හි ය.

-NBC News ඇසුරෙනි- by Erik Ortiz.

Image Source: John Normile / Getty Images

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you