ArtThe Little Prince ආදරේ දැනෙන්න හදවතට කන්දෙන්න

The Little Prince ආදරේ දැනෙන්න හදවතට කන්දෙන්න

-

spot_img

The Little Prince – පරිකල්පනය (Imagination) කියන්නෙ හරි ලස්සන දෙයක්. කුඩා ළමයි කියන්නෙ මහ පුදුමාකාර අන්දමේ විචිත්‍ර පරිකල්පනයක් තියෙන පිරිසක්. ඔවුන්ගෙ පරිකල්පනයට සීමා මායිම් නැහැ. ඒ දේවල් ඔවුන් තරම්ම ආදරණීයයි. ආකර්ෂණීයයි. සමහර වෙලාවට පුංචි ළමයි හිතනව ඇති වැඩිහිටියො කියන්නෙ මහ පුදුමාකාර ජීවින් කොටසක් කියලා. වැඩිහිටියන්ගෙ ලෝකෙ වැදගත්ම දේ වෙන්නෙ ඉලක්කම්. ආදායම්/ වියදම් / වැටුප්. ඉලක්කම් වලින් තමයි ඔවුන් හැමදේම මනින්නෙ. මිනිහෙක්ගෙ පවා හැමදෙයක්ම තීරණේ වෙන්නෙ වැටුප මත. ඉලක්කම් ඔවුන්ගෙ නිර්මාණාත්මක හැකියාව, සංවේදී කම මොට කරලා තියෙනවා.

The Little Prince

 

චිත්‍ර ශිල්පියෙක් වෙන්න හීන දැක්ක කොල්ලෙක් වැඩිහිටියන්ගෙ බලපෑම එක්ක ගුවන් නියමුවෙක් බවට පත් වෙනවා. දවසක් ඔහු සහරා කාන්තාරෙ අතරමං වෙනව. මේ ගුවන් නියමුවට පුංචි කුමාරයෙක් මුණ ගැහෙනවා. ගිණිකඳු තුනක් සහ Baobab ශාකයක් තියෙන B 612 කියන ග්‍රහලෝකයෙන් ආව මේ පුංචි කුමාරයා ගුවන් නියමුව එක්ක තමන්ගෙ කතාව කියනවා.

The Little Prince

පුංචි කුමාරයාට අයත් රෝසමලක් තිබුණා. ඔහු ඒ රෝසමල ආදරෙන් රැකබලාගත්තා. එක දවසක් ඒ රෝසමල තනි කරලා ඔහු තමන්ගෙ අසල්වැසි ග්‍රහකයන් වෙත යන්න තීරණය කළා. ඔහුට ඕනෙ වුණා ඒවගෙ ජීවත්වෙන අය හමුවෙන්න. කුමාරයට රජතුමෙක්, උඩඟු මිනිසෙක්, බේබද්දෙක්, ව්‍යාපාරිකයෙක්, ලාම්පු දල්වන්නෙක්, භූගෝල විද්‍යාඥයෙක් යනාදී වැඩිහිටියො මුණ ගැහුණා. මේ වැඩිහිටියන්ගෙන් කුමාරයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අන්තිමේ ඔහු පෘථිවියට ආවා. පෘථිවියේ විවිධාකාරයේ මිනිස්සු හිටියා. කුමාරයාට මිතුරු හිවලෙක් මුණගැහුණා. රෝසමල් හමුවුණා.

The Little Prince

 

‘ඔබ ලස්සනයි, ඒත් හරි හිස්. කෙනෙකුට ඔබ වෙනුවෙන් මැරෙන්න බැහැ. මගේ රෝසමල ඔබ වගේමයි කියලා සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් මගේ රෝසමල සියදහස් ගණන් වන රෝසමල්වලට වඩා බොහොම වැදගත්. මක්නිසාද මම වතුර දැම්මේ ඇයටයි. වීදුරු ආවරණයකින් මා වසා තැබුවෙ ඇයවයි, ආවරණයකින් මම රැකවරණය දුන්නෙ ඇයටයි. මම දළඹුවන් මැරුවෙ ඇය හින්දයි. (සමනලුන් වන්නට අප ආරක්ෂා කළ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඇරෙන්නට) ඇය මැසිවිලි නගද්දිත්, පුරසාරම් දොඩද්දීත්, සමහර විටෙක කිසිවක් කතා නොකර සිටිද්දිත් මම සවන් දුන්නෙ ඇයටයි. මක්නිසාද ඇය මගේ රෝසමල නිසයි.’ (82,83 පිටු)

The Little Prince

අන්තිමේ කුමාරයා තීරණය කළා තමන්ගෙ රෝසමල වෙත ආයෙම යන්න.

අපි ආදරය කරන අය පිළිබඳව අපිට වගකීමක් තියෙනව. වැඩිහිටියන්ගෙ ලෝකෙ හරි පුදුම සහගතයි. විෂමයි. විකාරයි. සංකීර්ණයි. ඒ ලෝකෙන් මිදිලා පුංචි ළමයෙක් තරම් සරලව හිතුවම ඔබට හරිම ලේසියෙන් ආදරේ මුණගැහේවි. හදවතට කන් දෙන්න !

The Little Prince – Antoine de Saint Exupery
කුමරාන (පරිවර්තනය) – සුමිත්‍රා රාහුබද්ධ

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you