ArtMetro In Dino පාට්නර්ව අලුත් නොකර ආදරේ අලුත් කරන්න

Metro In Dino පාට්නර්ව අලුත් නොකර ආදරේ අලුත් කරන්න

-

spot_img

Metro In Dino – ප්‍රේමය, විවාහය, අහිමිවීම, හිමිවීම මේ කාරණා එක්ක මිනිස්සු හරියට විඳවනව. අපි හිතනව ආදරේ අහිමි වෙන එක දුකක් කියලා. අයිති කර ගැනීම, අවසානයේ විවාහය සතුටක් කියලා හිතනවා. ඒක ඇත්තද..? කාලයක් ආදරේ කරලා විවාහ වුණාට පස්සෙ එකිනෙකාව පේන්න බැරි තරම් හතුරො වෙන අය අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට ලෝකෙට පේන්න අපි පෙම්වතෙක්, පෙම්වතියක්, සැමියෙක්, බිරිඳක් වුණත් ඇතුලතින් අපිට කුමක් හෝ අඩුවක්, හුදකලාවක් දැනෙනවා. බැඳීම් හරි සංකීර්ණයි. මොකක්ද මේ ගොඩක් අයට දැනෙන හිස්කම…?

Metro In Dino

ආදරේ..

දිල්ලිය, මුම්බායි,කොල්කටා, පූනේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු සම්බන්ධකම් ඇතුලෙ ඉඳගෙන ආදරේ අහිමි වීමේ හිස්කමෙන් පීඩා විඳිනවා. Kajol සහ Monty කියන්නෙ විවාහක යුවලක්. යොවුන් දියණියකගෙ දෙමව්පියන් වුණු ඔවුන් දෙන්නාගෙ ජීවිතේ වගකීම්, යුතුකම් වගෙ දේවල් එක්ක නීරසව ගෙවුණා. ඔය අතරෙ Monty ට ෆෝන් එකෙන් අලුත් affair එකක් හම්බුණා. මැදිවියේ ඔහුට දැණුනා තමන් ආයෙත් තරුණ වේගෙන එන වග. කවුද ඒ පෙම්වතිය? Chumki කියන්නෙ ප්‍රේමවන්තියක්. ඒත් ඇයට ජීවිතේ අඩුවක් හිස්කමක්, තනිකමක් දැණුනා. ඔය අතරෙදි ඇයට Parth මුණගැහෙනවා. එතකොට Shibani ගෘහණියක්. ඇය වියපත්. දවසක් ඇයට විශ්ව විද්‍යාල මිතුරු හමුවකට ඇරයුම් ලැබුණා. ඇය දැන සිටියා එදාට ඇගේ පරණ ප්‍රේමවන්තයා Parimol ව මුණ ගැහෙන්න පුළුවන් වග. මේ හැමෝගෙම ආදර ප්‍රශ්න එක්ක තමයි මේ කතාව ඉදිරියට ඇදෙන්නෙ .

Metro In Dino

මොන වයසෙදි වුනත් මිනිස්සු හොයන්නෙ ආදරේ. ළඟ නැති දෙයක්ම සොයන එකයි මිනිස් ස්වභාවය. සමහරවෙලාවට අපේ partner ගෙ ළඟ ආදරේ නෑ කියලා හිතන අපි වෙනත් විකල්ප වෙතට යනව. මේ විකල්ප ගොඩක් වෙලාවට ජීවිතේ අවුල් හදනවා. තාක්ෂණය එක්ක වෙනස් වෙලා තියෙන Lifestyle එකත් එක්ක මේ විකල්ප අවස්ථා බහුලයි.

Metro In Dino

සමහරවිට අපිට හිතෙනවා ආදරේ මැරිලා කියලා. නැහැ. ආදරේ හැමදාමත් හුස්ම ගන්නවා. එකට ජීවත්වෙන්න ගත්තම, කාලය ගත වුණාම බැඳීම සාමාන්‍ය වෙනව, ඇල් මැරෙන්න ගන්නව. ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක්. හැමදාම ආදරෙන් ඉන්න නම් ඔබේ ආදරේ මොහොතින් මොහොත අලුත් කරගන්න වෙනවා. තේරුම් ගැනීමකට, ඉවසීමට, සමාව දීමකට වගේම පුංචි හාද්දකටත් පුළුවන් ආදරේ අලුත් කරන්න. සැනසිල්ලෙන් ඉන්න Partner ව අලුත් නොකර, ආදරේ අලුත් කරගන්න.

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you