ArtMetro In Dino පාට්නර්ව අලුත් නොකර ආදරේ අලුත් කරන්න

Metro In Dino පාට්නර්ව අලුත් නොකර ආදරේ අලුත් කරන්න

-

spot_img

Metro In Dino – ප්‍රේමය, විවාහය, අහිමිවීම, හිමිවීම මේ කාරණා එක්ක මිනිස්සු හරියට විඳවනව. අපි හිතනව ආදරේ අහිමි වෙන එක දුකක් කියලා. අයිති කර ගැනීම, අවසානයේ විවාහය සතුටක් කියලා හිතනවා. ඒක ඇත්තද..? කාලයක් ආදරේ කරලා විවාහ වුණාට පස්සෙ එකිනෙකාව පේන්න බැරි තරම් හතුරො වෙන අය අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට ලෝකෙට පේන්න අපි පෙම්වතෙක්, පෙම්වතියක්, සැමියෙක්, බිරිඳක් වුණත් ඇතුලතින් අපිට කුමක් හෝ අඩුවක්, හුදකලාවක් දැනෙනවා. බැඳීම් හරි සංකීර්ණයි. මොකක්ද මේ ගොඩක් අයට දැනෙන හිස්කම…?

Metro In Dino

ආදරේ..

දිල්ලිය, මුම්බායි,කොල්කටා, පූනේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු සම්බන්ධකම් ඇතුලෙ ඉඳගෙන ආදරේ අහිමි වීමේ හිස්කමෙන් පීඩා විඳිනවා. Kajol සහ Monty කියන්නෙ විවාහක යුවලක්. යොවුන් දියණියකගෙ දෙමව්පියන් වුණු ඔවුන් දෙන්නාගෙ ජීවිතේ වගකීම්, යුතුකම් වගෙ දේවල් එක්ක නීරසව ගෙවුණා. ඔය අතරෙ Monty ට ෆෝන් එකෙන් අලුත් affair එකක් හම්බුණා. මැදිවියේ ඔහුට දැණුනා තමන් ආයෙත් තරුණ වේගෙන එන වග. කවුද ඒ පෙම්වතිය? Chumki කියන්නෙ ප්‍රේමවන්තියක්. ඒත් ඇයට ජීවිතේ අඩුවක් හිස්කමක්, තනිකමක් දැණුනා. ඔය අතරෙදි ඇයට Parth මුණගැහෙනවා. එතකොට Shibani ගෘහණියක්. ඇය වියපත්. දවසක් ඇයට විශ්ව විද්‍යාල මිතුරු හමුවකට ඇරයුම් ලැබුණා. ඇය දැන සිටියා එදාට ඇගේ පරණ ප්‍රේමවන්තයා Parimol ව මුණ ගැහෙන්න පුළුවන් වග. මේ හැමෝගෙම ආදර ප්‍රශ්න එක්ක තමයි මේ කතාව ඉදිරියට ඇදෙන්නෙ .

Metro In Dino

මොන වයසෙදි වුනත් මිනිස්සු හොයන්නෙ ආදරේ. ළඟ නැති දෙයක්ම සොයන එකයි මිනිස් ස්වභාවය. සමහරවෙලාවට අපේ partner ගෙ ළඟ ආදරේ නෑ කියලා හිතන අපි වෙනත් විකල්ප වෙතට යනව. මේ විකල්ප ගොඩක් වෙලාවට ජීවිතේ අවුල් හදනවා. තාක්ෂණය එක්ක වෙනස් වෙලා තියෙන Lifestyle එකත් එක්ක මේ විකල්ප අවස්ථා බහුලයි.

Metro In Dino

සමහරවිට අපිට හිතෙනවා ආදරේ මැරිලා කියලා. නැහැ. ආදරේ හැමදාමත් හුස්ම ගන්නවා. එකට ජීවත්වෙන්න ගත්තම, කාලය ගත වුණාම බැඳීම සාමාන්‍ය වෙනව, ඇල් මැරෙන්න ගන්නව. ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක්. හැමදාම ආදරෙන් ඉන්න නම් ඔබේ ආදරේ මොහොතින් මොහොත අලුත් කරගන්න වෙනවා. තේරුම් ගැනීමකට, ඉවසීමට, සමාව දීමකට වගේම පුංචි හාද්දකටත් පුළුවන් ආදරේ අලුත් කරන්න. සැනසිල්ලෙන් ඉන්න Partner ව අලුත් නොකර, ආදරේ අලුත් කරගන්න.

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you