ArtFloramar by Yesha Fernando ලිලැක් ප්‍රේමියකගේ කුසුම් නිවස්නය

Floramar by Yesha Fernando ලිලැක් ප්‍රේමියකගේ කුසුම් නිවස්නය

-

spot_img

Floramar by Yesha Fernando “දීප් මොකක්ද ඇත්තටම ඒ පේන්ටින් එකේ අදහස, ඒක රෝසමල් පිපිලා තියෙන හීනි රැළි නැඟෙන මුහුදක්නේ. ඒ අමුතු ලස්සන නිසාමයි මං ඒක ගත්තෙත්. ඒත් මුහුදක් කියන්නේ රෝසමල් පිපෙන තැනක් නෙමේ නේ? ”

“තාජි අහලා තියෙනවද කතාවක් තියෙනවා ආර්ටිස්ට් කෙනෙක්ගෙන් එයාගේ චිත්‍රවල තේරුම අහන්න එපා එතකොට එයාගේ ආර්ට් එක කුඩු වෙනවා කියලා.”
(47 පිටුව)

Floramar by Yesha FernandoFloramar by Yesha Fernando

ජීවිතෙත් එහෙමයි. සමහර දේවල් නොතේරෙන තරමට සුන්දරත්වය, අපූර්වත්වය වැඩියි. ඒත් ගොඩක් මිනිස්සුන්ට හැමදේටම හේතුවක්, තේරුමක් ඕනේ. ජීවිතේ මේ දේවල් මේ විදිහට විය යුතුයි කියලා ඔවුන් හිතනවා. බැඳීම්වලට පවා ඔවුන් තේරුම් දෙන්න උත්සාහ කරනවා. නමුත් බැඳීම් කියන්නෙ හැම තිස්සෙම එහෙම තේරුමක් තියෙන්න ඕනෙ දෙයක් නෙමේ. බැඳීම් සොබාදහම තරම්ම සොඳුරුයි. ස්වභාවිකයි. කණගාටුවට කාරණාව වෙන්නෙ මිනිස්සු බිඳෙන්නෙත් එවැනි බැඳීම් නිසාමයි.

ෆ්ලෝරාමාර් අපිට කියන්නෙ බිඳුණු ප්‍රේමවන්තයෙක් ගැන. ” දීප්” නමැති මේ සිත්තරා සිය රෝස සුවඳැති පෙම්වතිය “තාජි” අහිමි වීමේ වේදනාවෙන් පසුවුණා. හිත සනසගන්න හැදුව වසර ගණන පුරාවටම ඇය යළි, යළිත් ඔහුගේ මතකයට ආවා. අන්තිමේ ඔහු තීරණය කළා ඔහු මායාකාරියකට නතුවී ඇති බවත්, ඇය තමාගේ ලෙයට කාවැදී ඇති බවත් යන සැබෑව. දීප්ට ඇය මුණගැහෙන්නෙ ෆ්ලෝරාමාර් නම් වූ ඔහුගෙ සිතුවම් ප්‍රදර්ශනයකදී. තාජි අන්සතු උයනක පිපුණු රෝස මලක් වුවත් ප්‍රේමයට ඒ කිසිම දෙයක් අදාළ වුණේ නැහැ. ඒ ප්‍රේමයේ ස්වභාවය. ඇය හමුවීමත් සමග සිත්තරාගේ ජීවිතේ සිතුවමක් මෙන් වර්ණවත් වුණා. බාධා – අවිනිශ්චිත බව මේ කිසිඳු සීමාවක් නොතැකූ ඔවුන් සිනමාපටයක් තරම් සොඳුරු රොමෑන්තික දින ගත කළා. මොහොතින් මොහොත ඔවුන් තව තවත් එකිනෙකාට සමීප වුණා. නමුත්..හදිසියේම!!

Floramar by Yesha FernandoFloramar by Yesha Fernando

ෆ්ලෝරාමාර් කතාව ගලා යන්නෙ දීප්ගෙ අතීතය සහ වර්තමානය අතර. තාජි විතරක් නෙමේ ඔහුගෙ සමීපතමයන්, ආදරණීයයන් ගැනත් අපට පවසමින්. ජීවිතේ අසීරු නිමේෂයන් වලදි ලෝකයෙන්ම හැංගිලා නිදහසේ ඉන්න තැනක් අපි කාටත් ඕනේ. දීප් සතුවූ ඒ සැනසුම් නවාතැනේ නම ෆ්ලෝරාමාර්. තාජි තමන්ගෙ හදවතේ ඇති කළ තුවාලවල වේදනාවෙන් ඉන්න දීප්ට “චෙරී ” මුණගැහෙන්නෙ ඔය අතරවාරයෙ. Dandelion දෙනෙත් තියෙන ඒ යුවතියට පුළුවන් වුණා බොහොම සියුම් විදිහට දීප්ගෙ හැඟීම් තේරුම් ගන්න.

“ජීවිතය කියන්නේ ගැළපීම් සහ නොගැළපීම්, පරිපූර්ණත්වය සහ අසම්පූර්ණත්වය, ආදරය සහ විරහව, හිමිවීම සහ අහිමිවීම, කඳුළ සහ සිනහව අතර හුස්ම වැටෙන, මල් පිපෙන, සයුරු රැළි නැගෙන, කඳු මුදුන් මත අරුණෝද තරු දිලෙන නැවත සියලු දේ ගිම්හාන දුඹුරු පැහැ ගැනෙන, සිසිර සීතලක ගිලෙන සෘතූන් කිහිපයක්. මිනිසුන් කියන්නේ ඒ සෘතු නියමයන් එයාකාරයෙන් පිළිගැනීමකින් තොරව නොපැවතිය හැකි කුඩා කුඩා විශ්වයන් ” (205 පිටුව)

Floramar by Yesha FernandoFloramar by Yesha Fernando

ඉතින් හැකි තරම් සාමකාමීව මේ සෘතු පසු කිරීමයි අපි කළ යුතුවෙන්නෙ. ජීවිතෙත් හරියට රෝසමල් පිපුණ, සිහින් රැළි නැගෙන මුහුදක් වගේ !

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you