ArtWeapons ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු ළමා හදවතක්

Weapons ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු ළමා හදවතක්

-

spot_img

Weapons – බලය උදෙසා සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා මුළු මහත් සමාජයම අවුලෙන් අවුලට ඇද දමා භීෂණය වපුරවනවා. මෙයට ගොදුරු වන්නේ අහිංසක, නිරායුධ ජනතාව වීම සංවේගයට කරුණක්. ප්‍රචණ්ඩත්වයේ බලපෑමට වර්තමානය පමණක් නොව අනාගතයද නතු වෙනවා.

Weapons

Weaponsපෙන්සිල්වේනියාවේ කුඩා නගරයක ප්‍රාථමික පාසලක්. මේ පාසලේ තුන්වැනි වසරේ දරුවන් දහ හත් දෙනෙක් එක්තරා රාත්‍රියක අතුරුදන් වෙනවා. රාත්‍රී 2 :17 ට මේ හැම දරුවෙක්ම නිවසෙන් එළියට ගිහින් ඇති බව සොයාගැනෙනවා. දරුවන්ගෙ අතුරුදන්වීම පිළිබඳව චෝදනාව එන්නෙ පන්තිභාර ගුරුවරිය ජස්ටින් ට. මිනිස්සුන්ගෙ ස්වභාවය තමයි වරදකදි සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කාට හරි වරද පටවන එක. චෝදනා කරන එක. ඉතින් හැමෝම තරුණ ගුරුවරියට චෝදනා කළා. ඇය නපුරු මායාකාරියක් බව පැවසුවා. මේ සිද්ධියත් එක්ක ජස්ටින් සෑහෙන්න මානසිකව කඩාගෙන වැටුණා. Weapons

 

Weapons කතාව ඉදිරියට ඇදෙන්නෙ මේ අතුරුදන් වීමේ සිද්ධියත් එක්ක. ඒ හා බැඳුණු චරිත පවසන කතන්දර එක්ක. කුඩා නගරයේ හැමෝටම තිබුණ ප්‍රශ්නෙ දරුවොන්ට මොකද වුණේ කියන දේ. පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පැවතුණා. බලාගෙන ඉන්න බැරි තැන එක තාත්තා කෙනෙක් දරුවන්ට මොකද වුණේ කියලා හොයන්න තීරණය කළා. ගුරුතුමිය ජස්ටින්ට ඇගේ පන්තියේ සිසුවෙක් වෙන ඇලෙක්ස් පිළිබඳව සැකයක් ඇතිවෙලා තිබුණා. මෑතක ඉඳලා ඇලෙක්ස් ගෙ හැසිරීම අමුතුයි. පුංචි කොල්ලා මේ ගැන මොනවහරි දන්නවද? වාෂ්ප වුණා වගේ නොපෙනී ගිය ළමයි දහහත් දෙනාට ඇත්තටම මොකද වුණේ?

Weapons

සංස්කෘතීන්, ආගම්, ජාතීන් යනාදී නොයෙකුත් කාරණා මූලික කරගෙන සිදුවන ආත්මාර්ථකාමී බව පැතිරවීම උදෙසා අවියක් ලෙසින් කුඩා ළමුන් යොදාගැනීම බොහොම බරපතළ ඛේදවාචකයක්. බලයේ ගොදුරු බවට කුඩා දරුවන් පත්වීම මොනතරම් නම් සංවේගජනක කාරණාවක්ද? ප්‍රචණ්ඩත්වය සියැසින් දුටු, එයට ගොදුරු වුණ ළමා හදවතක් ඉන් බේරී ආ දිනෙක ඒ බිඳීගිය හදවත, ආත්මය යළි (පෙර සේ) පිළිසකර කළ හැකි ද?

 

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you