SportsSri Lanka Vs Bangladesh T20i බංග්ලාදේශය සමග පළමූ තරඟයේ...

Sri Lanka Vs Bangladesh T20i බංග්ලාදේශය සමග පළමූ තරඟයේ ජය ශ්‍රී ලංකාවට

-

spot_img

Sri Lanka Vs Bangladesh T20i – තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර සිලාත්හිදී ඊයේ (4) පැවැති ප්‍රථම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3 කින් ජයගැනීමට සමත් වුනා. ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකි වුනේ ලකුණු 203 ක් පමණයි. ඒ ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 3 ට ලබාගත් ලකුණු 206 ට එරෙහිවයි.

ජයග්‍රහණය සඳහා බංගලාදේශ ක්‍රීඩකයින්ට අවසන් ඕවරයට ලකුණු 12 ක් ලබාගැනීමට අවශ්‍ය වූ නමුත් අවසන් පන්දු වාරය යැවූ දසුන් ශානකගේ දක්‍ෂ පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකි වුනේ ලකුණු 8 ක් පමණයි.

ටස්කින් අහමඩ්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 5 ක් රැස්කිරීමට සිදුවූ අතර දසුන් එම පන්දුවට ලකුණක් පමණක් දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන ආවේය. ජකීර් අලී පන්දු 34 කින් රැස්කළ ලකුණු 68 තරගය වෙනස් කළ අතර ඔහුගේ ලකුණු 68 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් විය.

පන්දු 21 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළ චරිත් අසලංක තරගයේ වීරයා විය. කුසල් මෙන්ඩිස් 59, කමිඳු මෙන්ඩිස් 19, සදීර සමරවික්‍රම නොදැවී 61.

ඇන්ජලෝ මැතිව්ස් 17/2, බිනුර ප්‍රනාන්දු 41/2, දසුන් ශානක 36/2

නජ්මුල් හොසේන් සන්ටො 20, මහුමුදුල්ලා 54, ජකීර් අලී 68, මෙහෙදි හසන් 16

බංගලාදේශයට එරෙහි දෙවන විස්සයි විස්ස තරඟය හෙට (06) සිලාත්හිදී පැවැත්වීමට නියමිතයි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you