NewsShortage of Coconut පොල් හිඟයක් ගැන ඉඟියක්

Shortage of Coconut පොල් හිඟයක් ගැන ඉඟියක්

-

spot_img

Shortage of Coconut – පොල් වගාව සඳහා නිර්දේශ කර ඇති පොහොර නිසි ලෙස නොලැබීම හේතුවෙන් මෙම වසරේ පොල් ඵලදාව 30% කින් අඩුවීමට ඉඩ ඇති බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කර තිබෙනවා. එබැවින් ඉදිරියේදී වෙළෙඳපොළට ලැබිය හැකි පොල් ගෙඩි ප්‍රමාණය අඩුවීමේ අවධානමක් ඇති බව එම ආයතනය සඳහන් කර සිටිනවා.

පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා දත්ත වලට අනුව මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාවය ගෙඩි බිලියන පහකට ආසන්නය. නමුත් මෙරට දළ වාර්ෂික පොල් අස්වැන්න වන්නේ ගෙඩි බිලියන බිලියන තුනක් පමණය. ගෘහස්ත පරිභෝජනය,තෙල් නිෂ්පාදනය සහ අපනයනය ආශ්‍රිත නිෂ්පාදන සමඟ සසඳා බලන විට බිලියන දෙකකට ආසන්න පොල් ගෙඩි ප්‍රමාණයක හිඟයක් පවතී.

පසුගිය කෝප් කමිටු හමුවකදී අනාවරණය වූ පරිදි, පොල් වගා කිරීමේ මණ්ඩලය සතු ඉඩම් වලට පවා අවසන් වරට පොහොර යොදා ඇත්තේ මිට වසර හතකට පමණ පෙරය. පොල් වගාවක් සඳහා වාර්ෂිකව පොහොර යෙදීම සිදුකළ යුතු බැවින්, මෙම තත්වය හමුවේ වගාබිම් ආශ්‍රිතව දරුණු ලෙස රෝග පැතිර යමින් ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා. වර්ධනය බාල වී ඇති පොල් ගස් සඳහා පොහොර ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇතත්, අස්වැන්න නියමිත පරිදි ලබාගැනීමට තව වසර තුනකවත් ගතවන බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you