ArtRizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ...

Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

-

spot_img

Rizana A Caged Bird – ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana – A Caged Bird මේ වන විට රූගත කරමින් පවතිනවා. ඒ දෙස් විදෙස් රංගන ශිල්පීන්ගේ දායකත්වය සමගින්.

මේ චිත්‍රපටය සඳහා තේමා වී තිබෙන්නේ 2013 දී සෞදි අරාබියේ දී මරණ දඬුවම ලබා දුන් ශ්‍රී ලාංකීය යුවතියක වූ Rizana Nafeek පිළිබඳ ඛේදජනක කතා පුවතයි. සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙසින් කටයුතු කළ රිසානා ඇය සේවය කළ නිවසේ මාස හතරක් වයසැති බිළිඳෙකුව ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අතර බෝතලයෙන් කිරි පෙවීමේදී හුස්ම හිරවීම හේතුවෙන් බිළිඳා මිය ගොස් තිබුණා. දරුවාගේ මව සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් රිසානා විසින් බිළිඳාව මරා දැමූ බව පවසමින් ඇයට මරණ දඬුවම නියම වුණා. රිසානා 17 හැවිරිදි බාල වයස්කාරියක් (ළමයෙකු) බව පවසමින් ඇයට මරණ දඬුවම ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා රජය සහ මානව හිමිකම් සඳහා වන ගෝලීය සංවිධාන විසින් සිදුකළ ඉල්ලීම් නොතකා 2013 ජනවාරි මාසයේ සෞදි අරාබියේදී රිසානා නාෆීක් ව හිස ගසා මරා දැමුවා. ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සම්මතයන් සහ ක්‍රියා පිළිවෙත් උල්ලංඝනය කිරීමක් බව චෝදනා කරමින් ලොව පුරා මානව හිමිකම් සංවිධාන මෙම ඝාතනය හෙළා දකිනු ලැබුවා. බලහත්කාර පාපොච්චාරණය, භාෂා පරිවර්තකයෙකු නොමැති වීම සහ ඇය වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයෙකු නොමැති වීම වැනි කරුණුද මෙම මරණ දඬුවම ලැබීමට හේතු වී තිබුණා.

 Rizana - A Caged Bird Rizana - A Caged Bird

දශකයකටත් පසුව මෙම කතාව ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් ලෙස ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ගෙන යෑමට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් කටයුතු කරමින් සිටිනවා. චිත්‍රපටය නිෂ්පාදනය සුමති ස්ටුඩියෝ විසින්. සුමති හෝල්ඩින්ග්ස් හි සභාපති නිෂ්පාදක ජගත් සුමතිපාල මහතා පැවසුවේ ශ්‍රී ලාංකීය චිත්‍රපට ජාත්‍යන්තරය කරා ගෙන යෑම සුළුපටු කාර්යයක් නොවන බවත්, චන්ද්‍රන් රත්නම් යනු ඒ සඳහා සුදුසු අයෙක් බවත් ය. නිර්මාණශීලිත්වය මෙන්ම නිවැරදි හවුල්කාරිත්වයද මේ සඳහා අවශ්‍ය බැව් ඔහු පැවසුවා. චිත්‍රපටයේ සම රචනය ජේම්ස් රත්නම් විසින් සිදුකර තිබෙනවා.

රිසානා ලෙස විසි හැවිරිදි විදුෂිකා රෙඩ්ඩි (Vidushika Reddy) රංගනයෙන් දායක වෙනවා. ඇය නවක නිළියක්. නාවලපිටියේ ජීවත්වෙන ඇය තවමත් උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතර, වෙළෙඳ දැන්වීම් කිහිපයකට පමණක් දායක වූ ශිල්පිනියක්. විදුෂිකා රෙඩ්ඩි පවසා සිටියේ ඇයට තමා රිසානා මෙන් දැනෙන බවයි. තම මවත් වසර ගණනාවක් විදේශයක සේවය කළ බව ඇය පවසා සිටියා. ඉන්දීය රංගන ශිල්පිනී Varalaxmi Sarathkumar වෛද්‍ය රාණි චෙල්වම් ලෙසින් රංගනයෙන් දායක වෙනවා. Lolita, Reversal of Fortune වැනි චිත්‍රපට රාශියකින් ලොවපුරා ප්‍රේක්ෂක ආදරයට ලක්වූ ඇකඩමි සම්මානලාභී බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පී Jeremy Irons රිසානා වෙනුවෙන් හඬ නැගූ බ්‍රිතාන්‍ය මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන Julian Miles ලෙසින් රංගනයෙන් දායක වෙනවා. Jeremy Irons ගේ පළමු ශ්‍රී ලාංකීය ආගමනය සහ සිනමා රංගනය මෙයයි. තමා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු පැවසුවා.

 Rizana - A Caged Bird Rizana - A Caged Bird

“මම හිතුවේ මෙය ශෝකජනක කතාවක් ගැන ලිව්ව ලස්සන පිටපතක් පමණයි කියලා. වසර ගණනාවකට ඉහතදී රිසානා පිළිබඳ පුවත මාව කම්පනයට පත් කළා. මුදල් වෙනුවෙන් අදටත් කාන්තාවන් විදෙස්ගත වෙනවා. අසාධාරණයන්ට මුහුණ පානවා. වසර ගණනක් ගෙවී ගියත් මේ දේවල් වෙනස් වෙලා නැහැ. මේ කතාවෙන් කියැවෙන්නේ ඒ අසාධාරණය පිළිබඳව. අපි හැමෝම එක සමානයි. අපි හැමෝටම හදවතක්, ආත්මයක් තිබෙනවා. ආදරය, දුක දැනෙනවා. මම හිතනවා මෙය ජාත්‍යන්තරය කතාබහ කරන චිත්‍රපටයක් වේවි. මොකද, මේ තුළ දුක, අයුක්තිය, ආසාධාරණය පිළිබඳ කතා කරනවා. එකම විදිහේ ගැටළු, අසාධාරණකම් සහ වේදනාවන් ලෝකයේ සෑම තැනකම තිබෙනවා.” යනුවෙන් Jeremy Irons සිය අදහස් දක්වා සිටියා.

 Rizana - A Caged Bird

මෙය සංක්‍රමණික ගෘහ සේවිකාවන් මුහුණදෙන අරගලය පිළිබඳව දැනුවත් කිරීමේ උත්සාහයක් බව චන්ද්‍රන් රත්නම් මහතා පැවසුවා. චිත්‍රපටය නිකුත් කරන දිනයක් මෙතෙක් නිශ්චිතව සඳහන් වී නොමැති අතර තවමත් චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතී.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you