ArtSipeer සෑම සිරකරුවෙකුටම කියන්නට කතාවක් ඇත

Sipeer සෑම සිරකරුවෙකුටම කියන්නට කතාවක් ඇත

-

spot_img

Sipeer – වැරදිකරුවන් පුනරුත්ථාපනය කළ යුතු ආයතනයක් අපරාධකරුවන් බිහිකරන ආයතනයක් බවට පත් වී තිබෙයි –

” සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන පාඨය කාටත් බොහොම හුරුපුරුදු එකකි. නමුත් මෙම පාඨය අසා දැක තිබුණද එහි අරුත ගැන සිරගෙයින් පිටත සමාජය බිඳක් හෝ වටහාගෙන නොමැතිවග මේ පොත අපිට අවබෝධ කරලා දෙනව.” සිපීර්” සිරකරුවන්ගේ හදගැස්මේ හඬ!

වැරදිකරුවෙක් බිහිවීමට සමාජයේ මොනයම්ම හෝ අඩුපාඩුවක් බලපානව. වරක් වරදක් කළ අයෙක්ව සමාජය විසින් බොහෝවිට ජීවිතාන්තය දක්වා වැරදිකරුවෙක් බවට පත් කරනව. සැබැවින්ම, සමාජය අහිංසකයින් අපරාධකරුවන් බවට පත්කරනවා.

Sipeer - Mola Senevirathne

– අඳුරු කුටි තුළ නැගෙන සුසුම් හඬ, පිටතට නොඇසෙයි. දඬුවම යනු වරද නිවැරදි කර ගැනීමට අවස්ථාවක් විය යුතුයි. දඬුවම නිශ්චිත වූවක් විය යුතුයි. දඬුවම පළිගැනීමක් නොවිය යුතුයි.-

සමාජයේ බොහෝ දෙනෙකුට අනුව දඬුවම යනු රිදවීමේ සහ පළිගැනීමේ ක්‍රමවේදයකි. දඬුවම යනු අදාළ තැනැත්තා වරදින් මුදාගැනීමට භාවිතා කරන උපක්‍රමයක් බව වටහා නොගත්තවුන් පළිගැනීම අපේක්ෂා කරයි. ජීවිතාන්තය දක්වා සිර කිරීම, මරණ දඬුවම ලබාදීම මෙය කවුරුන් හෝ හිරිහැරයට පත් කර, “පාඩමක් ඉගැන්වීමට” ආශාවෙන් පසුවන අයගේ සමාජයකි. අනෙකාට පාඩම් උගන්වා වින්දනයක් ලබන ඔවුහු දේශපාලඥයන්ටද පාඩම් ඉගැන්වීමට සිතාගෙන සිහි බුද්ධියෙන් තොරව ඡන්දය පාවිච්චි කර අවසානයේ රැවටෙති. දියුණු යැයි සම්මත රටවල සිරගෙවල් සිරකරුවන් වරදින් මුදවා ගැනීමට ඔවුනට කියැවීමට පොත්පත් පවා ලබා දෙමින් කටයුතු කරනු ලබයි.

Sipeer - Mola Senevirathne

නමුත්, පළිගැනීමේ චේතනාවෙන් පසුවන සමාජයක මනුෂ්‍යත්වය අල්පය. සිරකරුවන්ට විඳින්නට සිදුවන ශාරීරික, මානසික මෙන්ම ලිංගික හිංසනයන් පිළිබඳ මෙහි සඳහන් වේ. පහරදීම්, නොයෙක් අන්දමේ අතවරයන් ඒ අතර වේ. ඒ සියල්ලටත් වඩා මානසික වශයෙන් ඔවුන්ට සිදුවන රිදවීම්, සිරගත ජීවිතය නිසා ඇතිවන කම්පනයන්, ආදරණීයයන්ගේ අහිමි වීම් වැනි බොහෝ හේතු ඔවුන් සදාකාලිකවම බිඳුනු සිතැති මිනිසුන් බවට පත් කරන අතර සිරගෙයින් පිටතදී පවා ඒ වේදනා සුවපත් නොවෙනු ඇත.

සත්‍ය වශයෙන්ම සිරගෙය තුළ ඇත්තේත් ඉන් පිටත සමාජයේ වැනිම වූ රටාවක්. මුදලට හැමදේම තීරණය වන, මුදලට කළ නොහැකි දෙයක් නොමැති, ඇති – හැකි අයට එක නීතියක්ද නැති – බැරි අයට තව නීතියක්ද පරිද්දෙනි. මුදල් තිබේ නම් සිරගෙය තුළද විශේෂ සැලකිළි තිබේ. පිටත සමාජයේ මෙන්ම නීතිය කාටත් “පොදු” නොවේ.

Sipeer - Mola Senevirathne

එමෙන්ම සමූහයක් ලෙසින් ඔවුන් තුළ තිබෙන අනෙකාගේ දුක කෙරේ සංවේදීවීම, සහයෝගය වැනි කාරණා පාඨකයාව සංවේදී කරයි.

– කාමර පාටි තේ කහට අරන් එයි. ඔහු ලෙංගතු සිරකරුවෙක්. මිනිසෙකු ලෙස අනෙකාගේ දුක තමන්ගේ දුක ලෙස ගනියි. නඩුව “කුඩු” වුවත් ජීවිතය “අඩු” නොවෙයි.-

සිරගෙය තුළ පමණක් නොව ඉන් පිටත පවා මිනිසෙකුට මිනිසෙක් ලෙස ජීවත්වීමට ඉඩ නොදෙන සමාජයක, සාධාරණත්වය නොදන්නා නීති පද්ධතියක් තුළ සමාජය නොදකින හෝ නොදන්නා සිරගත ජීවිතයේ අඳුරු සත්‍යයන් සිපීර් හෙලි කරයි.

– සෑම සිරකරුවෙකුටම කියන්නට කතාවක් ඇත. නැත්තේ අසන්නට කෙනෙකුයි –

සිපීර්, ඒ නෑසූ කතාවයි!

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි - Mardaani 3 මුදලට සහ බල පුළුවන්කාරකමට යටත් නොවන පුද්ගලයන් අද සමාජයෙ ඇත්තේම නැති තරම්. මුදලට යටත්...

රත් දෝතළු – 69

රත් දෝතළු - 69 මා සිතේ වූයේ මවිතයකි. නිර්මාණි සුසුමක් හෙළන හඬ මා සවනට ගලාආයේය. "විවාහය කියන්නේ ආදරයම පිරිණු තැනක් නෙවේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you