ArtChallengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

Challengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

-

spot_img

Challengers – ක්‍රීඩා තරඟාවලියක් අතරතුර දැනෙන උද්‍යෝගය මෙනෙහි කරන්න. නරඹන්නන් වන අපි ඒ මොහොතේ සිටින්නේ පිපිරී යන අන්දමේ හැඟීම් ගොඩකට මැදිවෙමින්. ජයග්‍රහණය පිළිබඳව අවිනිශ්චිතතාවකින්, නොඉවසිල්ලෙන්, සසලවෙමින්.

ටාෂි සිටියෙත් එවැනි පහදා දිය නොහැකි හැඟීම් ගොඩකට සිරව, නොඉවසිල්ලෙන්. ටෙනිස් තරඟයක් නරඹමින්. එක් පසෙක ඇගේ සැමියා ආර්ට් ද අනෙක් පසෙහි ඇය හා බැඳුණු පැට්‍රික් ද තරඟ වදිමින් සිටියා. ජයග්‍රහණය කාටද…?

Challengers

ටාෂි, ඇගේ සැමියා ආර්ට් සහ පැට්‍රික් වටා ගෙතුණ මේ කතාව වර්තමානය – අතීතය අතර දෝලනය වෙමින් ඉදිරියට ඇදෙනවා. වර්තමානයේදී ටාෂි සහ ටෙනිස් ක්‍රීඩක ආර්ට් දියණියකට දෙමව්පියන් වෙමින් සුවපහසු ජීවිතයක් ගත කළා. එතකොට පැට්‍රික් කවුද..? දශකයකට එහා අතීතයේ ඔවුන්ගේ නව යොවුන් අවධියේදී ආර්ට් සහ පැට්‍රික් සමීපතම මිතුරන්. ඔවුන්ගේ ජීවිතය වුනේ ටෙනිස්. බොහෝ දෙනෙක්ගෙ ක්‍රශ් එක වුණ, ආකර්ෂණීය ටාෂි මේ මිත්‍රත්වය මැදට එන්නෙ ඔය අතරෙදි. අවාසනාවට ආර්ට් සහ ප්‍රැට්‍රික් දෙදෙනාම ඇයව තමා සතු කරගැනීමට සිහින දැක්කා. මිත්‍රයන් දෙදෙනෙක් අතරට පැමිණීමට හැකි (අ)සුන්දරම අන්දමට එකවර ඔවුන් වෙත ප්‍රවේශ වූ ඇය දෙමිතුරන්ගේ සිතේ බලාපොරොත්තුව, ආශාව උපදවා දැමුවා. එකෙණෙහිම මිත්‍රත්වය ආර්ට් සහ පැට්‍රික්ව මගහැර ගොස් තිබුණා. තමා වෙත ආකර්ෂණය වූ පිරිමින් දෙදෙනාව මෙහෙයවමින් ටාෂි ඇයගේ අභිමතාර්ථ මුදුන් පමුණුවාගත් අතර මිත්‍රත්වය පළුදු වූ නමුදු මේ තුන්කොන් සටනේ නිමාවක් තිබුණේ නැහැ. ChallengersChallengers

 

නොරිස්සුම, පිළිකුළ හෝ වෛරය ආශාවේම තවත් එක් මුහුණුවරක් ම නොවේද…?

 

 

ඇය තම සිතේ ඇති ආශාවන් නොදැන සිටියා හෝ වසර ගණනාවක් තම සිතිවිලි යටපත් කරගෙන ජීවත්වූවා වෙන්න ඇති. නමුත්, ආශාවන් යනු ලේසියෙන් යටපත් කර දැමිය හැකි දෙයක් නොවන වග දිගු කාලයකට පසුව හෝ අවබෝධ වෙනව. තමාට තමාව වැටහෙන්න ගන්නව. ඒ වැටහීමත් සමග ජීවිතේ (යම් තාක් දුරට) පහසු වෙනව.

වෛර කරන්න තරම් ජීවිතේ කෙටි වැඩියි. තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

Come on!!!!

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you