NewsRecord Cricket Victory By Sri Lanka ශ්‍රී ලංකාවට වාර්තාගත...

Record Cricket Victory By Sri Lanka ශ්‍රී ලංකාවට වාර්තාගත ක්‍රිකට් ජයක්

-

spot_img

Record Cricket  Victory By Sri Lanka – වසර 08 කට පසු ආසියාවෙන් පිටතදී පන්දු වාර විස්ස ක්‍රිකට් තරඟාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. එමෙන්ම සිම්බාබ්වේහීදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ශ්‍රී ලංකාව විසින් ජයගනු ලැබුවේ පළමු අවස්ථාවටයි. ඒ, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුලු 08කින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 191ක් රැස් කළා. ටඩිවනාෂේ මරුමනී රැස්කළ ලකුණු සංඛ්‍යාව 51ක්. ලකුණු 192ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 193ක් රැස් කර ගනිමින් තරඟය ජය ගත්තා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 73ක්. පන්දු 43කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් ඇතුළත්. අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් කුසල් පෙරේරා පන්දු 26කදී නොදැවී ලකුණු 46ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් ඇතුළත්. පැතුම් නිස්සංක පන්දු විස්සකදී ලකුණු 33යි. පන්දු 17කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කර සිටියදී දැවි ගියා. තරඟයේ වීරයා සම්මානය කමිල් මිෂාර දිනාගත්තා. තරඟාවලියේ වීරයා සම්මානය හිමි වුණේ දුෂ්මන්ත චමීරටයි. මේ අතර දෙරට අතර පැවති එක්දින තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවා.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you