InterviewsRashmika Mandanna ජනප්‍රියත්වය කියන්නෙ පෞද්ගලික ජීවිතය නිරාවරණය කිරීමක්

Rashmika Mandanna ජනප්‍රියත්වය කියන්නෙ පෞද්ගලික ජීවිතය නිරාවරණය කිරීමක්

-

spot_img
Rashmika Mandanna ඉන්දියානු සිනමාව තුළ ජනප්‍රියත්වයේ ඉහළම ස්ථානයේ සිටින රංගන ශිල්පිනියක්. සමස්ථ ඉන්දියාව තුළම ඇයට තිබෙන රසික ආකර්ෂණය නිසාම “National Crush” යනුවෙන් ඇයව හඳුන්වනවා. දකුණු ඉන්දියානු සිනමාව මෙන්ම බොලිවුඩය තුළද නම රැන්දූ ඇය දකුණු ඉන්දියානු සිනමාවේ වැඩිම ගෙවීම් ලබන රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක්.
• “Pan India Star” මේ හැඳින්වීම ඔබට දැනෙන්නෙ කොහොමද?

ඒ හැඳින්වීම මම ගොඩාක් අගය කරනවා. එයින් අදහස් වෙන්නෙ රටපුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබීම. සිනමාව හරහා විවිධ භාෂාවන්, සංස්කෘතීන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කරන්න මම හිතට අරගෙන තියෙනවා. ඒක වරප්‍රසාදයක් වගේම වගකීමක්.

Rashmika Mandanna

• වෙළෙඳ නාම සමඟ සම්බන්ධ වන එක අමතර වගකීමක් නේද?

මිනිස්සුන්ගෙ යහපැවැත්ම ගැන සැළකිලිමත් වෙන, ආචාරධර්ම සහිත, මම පෙනී සිටින දෙයට අනුකූල වෙළඳ නාමයන් නියෝජනය කිරීම මගේ වගකීමක් කියල මම හිතනවා.

• ළාබාල වයසෙදිම ඔබ විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත්තා. ඔබ ඔබේ වෘත්තීය ජීවිතයෙන් මොනවද ඉගෙන ගත්තෙ?

මම සිනමාවට ඇවිත් අවුරුදු අටකට ආසන්නයි. දකුණු ඉන්දියාවෙ, බොලිවුඩ්වල රටේ හොඳම නළු නිලියන් සමග මම වැඩ කළා. ඒක මට ලැබුන තිලිණයක්. ඒ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මම නිහතමානිව දේවල් ඉගෙනගන්නවා. ඉවසීම වගේම ස්ථිරව සිටීමේ වැදගත්කමත් මම තේරුම් අරන් තියෙනවා. මම මගේ ආදරණීයන්ට ගොඩක් සමීපයි. ඔවුන් මාව සුරක්ෂිත කරනවා.

Rashmika Mandanna

• ජනප්‍රියත්වය සහ ඒ සමග එන පුද්ගලික නිදහස නැතිවීම ඔබට දැනෙන්නෙ කොහොමද?

ජනප්‍රියත්වය අභියෝගයක්. සමාජ මාධ්‍යවල ජනප්‍රිය වීම මගින් අපේ ජීවිතයේ ගොඩක් දේවල් එළියට නිරාවරණය වෙනවා. නමුත් එය රසිකයින් සහ ප්‍රජාව සමඟින් අපිව සම්බන්ධ කරනවා. මට ලැබෙන ප්‍රතිචාර මම කාරුණිකව භාර ගන්නවා. මගේ රංගනයෙන් රසිකයන්ට සතුටක් සිනහවක් ගේන්න මම වෙහෙසෙනවා. එවිට මම මේ වෘත්තිය තුළ යමක් කළා කියන දේ දැනෙනවා.

 

• සමහරු කිව්වා ඔබට ලොකු දෙයක් කරන්න බැහැ කියලා. ඒ ගැන මොකද හිතන්නෙ? කොහොමද ඔබ එයට මුහුණ දුන්නෙ?

මම මගේ හැකියාවන් විශ්වාස කළා. ඉලක්ක කෙරෙහි විශ්වාසය තැබුවා. මගේ අධිෂ්ඨානය වුනේ සාර්ථක වීම. ඒ වෙනුවෙන් මම මට අවංකව වැඩ කළා. නිළියක ලෙස මට ලැබුණු හැම අවස්ථාවකටම මම අතිශයින් ස්තුතිවන්ත වෙනවා. ඒ හැමදෙයක්ම ඉගෙන ගැනීමට ලැබුණ අවස්ථා.

• ඔබ National Crush එකක්?

මුලින්ම මාව Karnataka Crush විදිහට හැඳින්වුවා. පස්සෙ රසික ආදරය එක්ක ඔවුන් මාව National Crush විදිහට හඳුන්වන්න ගත්තා. මට පුදුම හිතුණා. ඒක ඇදහිය නොහැකි හැඟීමක්.

Rashmika Mandanna

• ඔබ Fiama සඳුන් තෙල් සහ Patchouli සබන්වල සන්නාම තානාපතිනිය. ඒ ගැන යමක් කියන්න අවශ්‍යයි ද?

මම ඒ වෙළඳ නාමයට කැමතියි. මට ඔවුන්ගේ තානාපතිනිය වෙන්න ලැබුණේ නිරායාසයෙන්මයි. සඳුන් සබන්වලට ලොකු ඉතිහාසයක් තිබෙනවා. සාමාන්‍ය සඳුන් සබන්වලට වඩා Fiama සඳුන් සබන් වෙනස්. වෙළඳ නාමයක් ලෙසින් ඔවුන් පාරිභෝගිකයන්ට සැලකිය යුතු මෙහෙවරක් සිදු කරනවා. ඔවුන් හා සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්. ඔවුන්ගේ නිෂ්පාදන මගේ දින චරියාවේ අංගයක්. මම නාන විට ඒවා භාවිතා කරනවා.

Rashmika Mandanna

• ජනප්‍රියත්වය පහසු දෙයක් නෙමේ. ඔබ කොහොමද විවේචන ඉවසන්නේ?

එය අපේ රැකියාවේ කොටසක්. ආදරය වගේම අධෛර්යයට පත් කිරීම්ද ලැබෙනවා. එවැනි අවස්ථාවල මම නිෂ්ශබ්දව මගේ වැඩ කටයුතු කෙරෙහි අවධානය යොමු කරනවා.

– Finacial Express ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you