InterviewsMia Kalifa Porn Video කරපු අය මං නිසා ඩොලර්...

Mia Kalifa Porn Video කරපු අය මං නිසා ඩොලර් මිලියන පනහකට වඩා හම්බකරා

-

spot_img
Mia Kalifa Porn Video – සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ඇය නිරූපිකාවක්. ක්‍රීඩා විචාර සිදු කරන්නියක්. නමුත් මියා කලීෆාව ලොවක් හඳුන්වන්නේ නිල් චිත්‍රපට නිළියක ලෙසින්. ඇය වසර කිහිපයකට ඉහතදී නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත්වුණා. කාමුක තරුවක් ලෙසින් ඇය අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් බව නොරහසක්. ISIS සංවිධානය ඇයට මරණ තර්ජන සිදුකළ බවද සඳහන්. ඇය තම මුදල් අප්‍රිකාව වැනි මහද්වීපවල දුප්පත් දරුවන් සඳහා වියදම් කරමින් සිටිනවා. ඇය බ්‍රිතාන්‍ය Oxford සරසවියේ ආරාධිත දේශනයක් කිරීමේ ගෞරවය පවා හිමිකරගත් තැනැත්තියක්. මේ සාකච්ඡාව සමාජ මාධ්‍ය තුළ ඇයට සිදුවූ අසාධාරණකම්, ඇයගේ සංස්කෘතිය අනුව ඇයට මුහුණ දෙන්නට සිදුවූ විපත් ගැනයි. මෙහිදී වර්ගවාදය, ලිංගිකත්වය සූරාකෑම යන කරුණු කාරණා පිළිබඳව ඇය සිය අදහස් ප්‍රකාශ කර සිටියා. මේ ලෙබනනයේ සිට අමෙරිකාව දක්වා ඈ පැමිණි ගමනේ කතාවයි.
• මට මේක තේරෙන්නෙ නැහැ. Instagram වල ඔබට මිලියන විස්සකට අධික රසිකයන් පිරිසක් සිටිනවා. ට්විටර් හි මිලියන තුනකට අධික පිරිසක් ඉන්නවා. අපහසුතාවයට පත් කිරීම්වලට ඔබ මින් පෙරත් මුහුණ දී තිබෙනවා. එහෙම වෙලත් ඒ ගැන කරදර නොවී ඔබ ඇයි මම වගේ මාධ්‍යවේදියෙක් සමග සම්මුඛ සාකච්ඡාවකට පැමිණීමේ අවදානම ගත්තෙ?

මම ගැන නොදන්න අයට මගේ කතාව කියන්න මම කැමතියි. ඔබ කිව්ව වගේ මාධ්‍යවේදීන් මම ගැන කියල තියෙන කතාවලින් මිනිස්සු මම ගැන අහල තියෙනවා. ඉතින් ඒ අනුව ඔවුන් මම ගැන චිත්‍රයක් ඔවුන්ගෙ ඔළුවල තියාගෙනයි ඉන්නෙ. නමුත් ඔවුන් සිතනවට වඩා මම වෙනස් බව ඔවුන් දැනගන්නවට මම කැමතියි. මහජන අවධානයට ලක්වෙන්නෙ නැති රැකියාවක් කරන්න මට කවදාවත් පුළුවන් වෙන එකක් නැහැ. මම නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත්වුණා. Instagram ගිණුම ඉවත් කළා. කොණ්ඩයේ පැහැය වෙනස් කළා. කාර්යාලයක රැකියාවක් කරලා සම්ප්‍රදායික ජීවිතයක් ගත කරන්න මම උත්සාහ කළා. නමුත් මට සාමාන්‍ය රැකියාවක් කිරීම දුෂ්කර වුණා. මම සමග වැඩ කෙරුව අනිත් අයටත් එය බලපාන්න පටන් ගත්තා. ඔවුන් මා ගැන දැනසිටියත් මම එතැනට අනවශ්‍ය අවධානයක් ගෙන එන වග මට තේරුණා. මම එයින් ඉවත්වුණා . නමුත්, අප්‍රසිද්ධව ජීවත්වෙන්න මම ගත්ත උත්සාහය සාර්ථක වුණේ නැහැ.

Mia Kalifa

• ළාබාල අවධියේම ඔබ වෙනස් සංස්කෘතියක සිට අමෙරිකාවට ආවා?

ඒකට හේතු වුණේ ක්‍රීඩාව. මම පාපන්දු ක්‍රීඩා කළා. ලෙබනනය සහ අමෙරිකාව යන රටවල් දෙකම පාපන්දු තරඟ නැරඹුවා. හැමෝම ජයග්‍රහණය ගැන කුතුහලයෙන් පසුවුනා. මට ඕනෙ කළා ඒකෙ කොටසක් වෙන්න. ඇත්තටම මට ඉස්කෝලෙ ගොඩක් යාළුවො සිටියෙ නෑ. මම ඔවුන් සමග වචන කිහිපයක් පමණයි කතා කළේ. නමුත් අපි ඒ අය කැමති දෙයක් ගැන කතා කරන්න ගත්තම එයාලට අපිව නොසළකා හරින්න අමාරුයි.

• සංස්කෘතික කාරණා නිසා ඔබ මුහුණ දුන් ගැටළුකාරී අවස්ථා මොනවද?

පවුලෙ අයගෙන් තමයි මට වැඩිපුරම බලපෑම් ඇතිවුණේ. අමෙරිකානු සංස්කෘතිය ඔවුන්ට තේරුණේ නැහැ. යාළුවො එක්ක එකට නිදියගන්න ගියත් එයාලා මට බාධා කළා. “ඔයාට ගෙදර ඇඳක් තියෙන්නේ. ඔයාට බැහැ එහෙම කරන්න” ඒ අය කිව්වා. නමුත් මම අමෙරිකාවට කැමති වුණා. ලෙබනනයෙන් ඈත් වුණා. මට තිබුනෙ අරාබි උච්චාරණයක්. මේ නිසා පුංචි කාලෙ පාසලේ ළමයි මට කිව්වෙ “ත්‍රස්තවාදියා” කියලා. ඒ ඉස්කෝලෙ හිටිය එකම මැදපෙරදිග කෙල්ල මම. ළමයි හරිම නපුරුයි.

Mia Kalifa

• සුදු පැහැ සිහින් සිරුරු තියෙන සරාගී ගැහැණු ළමයි එක්ක ඔබ ඔබව සංසන්දනය කලේ නැතිද?

මට තවමත් ඒ හැඟීම දැනෙනවා. ප්‍රියංකා චොප්රා, ජමීලා ජමීල් ලස්සන, සාර්ථක කාන්තාවන්. ඒත් මට තාමත් මම කැතයි කියල හිතෙනවා. සුදු කෙල්ලො ගොඩක් ඉන්න කාමරේක මහත, දුඹුරු කෙල්ලෙක් වෙන එක එච්චර හොඳ හැඟීමක් නෙමෙයි. නමුත් ගැහැණු ළමයි තමන්ගෙ පෙනුම ගැන අවතක්සේරු කරනවට මම කැමති නෑ. මගෙ මුහුණෙ කුරුලෑවක් ආවත් මම ඒක සූම් කරල ෆොටෝ දානවා. කුරුලෑ සාමාන්‍යයි. අත්වල රෝම සාමාන්‍යයි. මම මගේ ජීවිතේ ගොඩක් කල් මගෙ පෙනුමට කැමති වුණේ නැහැ. අවුරුදු 21 දී මම මගේ පියයුරු විශාල කරගන්න සැත්කමක් කරගත්තා. ඊට පස්සෙ මට පිරිමින්ගෙ අවධානය ලැබුණා. ඒක සතුටක්. ඒක නැතිවෙනවට මම බය වුණා. මම ලස්සනයි කියල හිතන අය මතයි මගේ වටිනාකම තියෙන්නෙ කියලා මම හිතුවා.

• වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට පිවිසීමේ ප්‍රායෝගික පියවර මොනවද?

ඒක ඔබ හිතනවට වඩා සරලයි. කෙනෙක් මගෙන් ඇහුවා නිරූපිකාවක් වෙන්න ඕනද කියලා. මම එයා සඳහන් කළ වෙබ් අඩවියට ගිහින් බැලුවම ඒකෙ නිරුවත් ඡායාරූප තිබුණා. මම එයාලගෙ කාර්යාලයට ගියා. එතැන සාමාන්‍ය කාර්යාලයක් වගේමයි. හැමෝම මට සුබ පැතුවා. එතන සිටිය ගොඩක් දෙනා ගැහැණු. කොණ්ඩෙ හැදුවෙ, මේකප් කළේ ඔවුන්. ඔවුන් ආරක්ෂාකාරී හැඟීමක් ගෙනාවා. මේක ලොකු දෙයක් නෙමේ කියල මට තේරුණා. හැමෝම මම ගැන අවධානයෙන් සිටියා. මට හිතුණා මම සුන්දර බව. මට ඒකෙන් අයින් වෙන්න ඕන වුණේ නෑ. ඒක දිගටම කරන්න මට ඕනෙ වුණා.

Mia Kalifa

• කෙටි කාල සීමාවක් තුළ සිදුකල ඔබේ ඡායාරූප, වීඩියෝ පිළිබඳව ඔබට ඇති අයිතිය කොහොමද?

බිංදුවයි. ඡායාරූප, වීඩියෝ ඒ හැමදෙයකම අයිතිය, පාලනය ඔවුන් සතුයි.

• Pornhub වගේ තැනුත් ඔබේ වීඩියෝවල බැනර් දැන්වීම් වලින් ඔවුන් උපයන ආදායමෙන් කිසිවක් ඔබට ලැබෙන්නේ නැහැ?

නැහැ. ඔවුන් මගෙන් ඩොලර් මිලියන පනහකට වඩා උපයා තිබෙනව. මේව ගණනය කළේ මගේ නීතිඥයින්.

• කාමුක දර්ශන අපේ සංස්කෘතියෙ, හදවතේ තිබෙනවා. අපිට කියන්න බැහැ ඒව හරිද වැරදිද කියලා. නමුත් “ජනවාර්ගිකත්වය” එක්තරා වෙළඳ භාණ්ඩයක් බවට පත් වී තිබෙනවා.

ඔවුන්ට ඕනෙ වුණා මම මැදපෙරදිග බව පෙන්වන්න. මම කතෝලික නමුත් ඔවුන්ට ඕන කළා මට සම්ප්‍රදායික මුස්ලිම් හිස ආවරණය දාන්න. මම ඒකට බය වුණා. මම කනස්සල්ල ප්‍රකාශ කළත් එයාල මාව ප්‍රතික්ෂේප කරයි කියල මම බය වුණා. නමුත් දැන් එහෙම නැහැ. මම මොනවට හරි අකමැතියි නම් මම ඒකට මොනතරම් අකමැතියිද කියන එක ඔබට දැනගන්න ලැබේවි. මට ආයෙමත් පිරිමි පිරුණ කාමරේක ඉන්න ඕනෙ නෑ.

• මම මුස්ලිම් නෙමෙයි. ලිංගිකත්වය සහ ආගම මිශ්‍ර කිරීම පිළිබඳව මම ඒ තරම් වදවෙන්නෙ නැහැ. නමුත් සමහරු ඔබ මුස්ලිම් ගැහැණිය පහත් කළා වැනි අදහසක් දරනවා.

එහි එහෙම දෙයක් තිබුණේ නැහැ. (මියා කලීෆා හිජාබය පැළඳ ලිංගිකව හැසිරෙන දර්ශන රැගත් වීඩියෝවල) ඒ වීඩියෝවල කාන්තාවන් බලවත්. ඊට වඩා නරක දේවල් මුස්ලිම්වරු ළඟ තිබෙනවා. මට ඒව ගැන කතාකරන්න අවශ්‍ය නැහැ. එය මුස්ලිම් කාන්තාවන් පහත් කරන්නෙ නැති බව පමණක් මම කියන්නම්. ඒ වීඩියෝ පිළිබඳ අදහස් සුදු ජාතිකයන්ගෙ මනසින් ආව ඒවා.

Mia Kalifa

• මේ කර්මාන්තයෙන් ඉවත් වුණාට පසුව ඔබ කොහොමද ඔබව ගොඩනගා ගත්තෙ?

ඒකට ලොකු කාලයක් ගතවුණා. මම මේකෙන් අයින් වුණාට පස්සෙ මට හොඳට සැළකුව කෙනෙක් එක්ක මම සම්බන්ධයක් ඇරඹුවා. ඔහු කරුණාවන්තයි. ඔහු ළඟ මට ආරක්ෂිත බවක් දැණුනා. මම ඔහුගෙන් යැපෙන්න ගත්තා. එය හොඳ නැති වග මට තේරුණා. මට අවශ්‍ය වුණේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න. ඉන්පසුව මම තනිවම ජීවිතය ඇරඹුවා. මට ඒකෙන් මම ගැන විශ්වාසයක් ආවා. කාමුක දර්ශන සදහටම මාව නිර්වචනය නොකළ යුතු බව මට වැටහුණා.

• ඔබ සමග සම්මුඛ සාකච්ඡාවකින් මිනිස්සු අපේක්ෂා කරන්නේ මොනවද කියල මම සිතුවා. ඉතින්, ඔබ ඔබ ගැන කිව්වා.

ඒක ලැජ්ජාව සහ ආඩම්බරය පිරුණු කතාවක්. මම මගේ අතීතය ගැන ලැජ්ජා වෙනවා. නමුත් ඒ වගේම මම ඉටු කරගත් දේවල් ගැන ආඩම්බර වෙනවා. මිනිස්සුන්ගෙ කතාවලට සමහර වෙලාවට මට රිදෙනවා. ලැජ්ජාව, ආඩම්බරය මේ හැමදෙයක්ම මට හැමදාමත් දැනේවි.

Mia Kalifa

• ඔබ කොහොම කෙනෙක්ද?

මම පාටිවලට යන්නෙ නැහැ. සමාජ ශාලාවලට යන්නෙ නැහැ. මම ගෙදරින් එළියට යන්නෙ කලාතුරකින්. මම අතිශය සාමාන්‍ය මනුස්සයෙක්. මිනිස්සු ඒ බව දැනගන්න ඕන.

– අන්තර්ජාලය ඇසුරිනි –

Latest news

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...
- Advertisement -spot_img

ලොකු අයියලා පොඩිවෙන හැටි

ලොකු අයියලා පොඩිවෙන හැටි සාමාන්‍ය ව්‍යවහාරයේ පවුලක සෙසු සාමාජිකයින් "ලොකු අයියා" යැයි කියනුයේ තම පවුලේ වැඩිමහල් සහෝදරයාට ය. එකළ ඒ...

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you