NewsRailway දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ඝාතනයක්ද?

Railway දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ඝාතනයක්ද?

-

spot_img

Railway – දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාරගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන අද අධිකරණය හමුවේ පවසා තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන් ගෙන සිටි දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන, ලේ පැල්ලම් දක්නට තිබූ බව අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මල සිරුර ද තිබුණේ ඔහු නිදා ගෙන සිටි ඇඳ මත නොව අදාල කාමරයේ ටයිල් කැට ඇතුරු පොළොව මත බවද අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා තිබේ.

සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් නිසා සිදුවූ ස්වභාවික මරණයක්ද එසේත් නැතිනම් ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසියට අවශ්‍ය බව උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන් පසු එම කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය, මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත. එමෙන්ම මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබන මැයි මස 14 වන දින විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීරට තව දුරටත් නියෝග කරනු ලැබ තිබේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you