NewsPrincess Diana චාල්ස් රජු ගැන හෙළිකරන හඬපටය

Princess Diana චාල්ස් රජු ගැන හෙළිකරන හඬපටය

-

spot_img

Princess Diana මියගොස් වසර 26ක් පිරෙන මොහොතේ ඇය විසින් පටිගත කරන ලද හඬපටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. මෙම හඬපටයෙන් පැවසෙන්නේ, හැරී කුමරු ඉපදුණු අවස්ථාවේ ඔහු ගැහැණු දරුවෙකු නොවීම පිළිබඳව වත්මන් තෙවන චාල්ස් රජු එකළ දැඩි කළකිරීමෙන් සිටි බවයි. ඩයනා කුමරිය මිය යෑමට පෙර මෙවැනි හඬපට කිහිපයක් රහසිගතව පටිගත කොට Andrew Morton නම් කතුවරයාට ලබාදී ඇති බව සඳහන්.

princess-Diana

“Diana: The Rest of Her Story.” නමින් ලබන වසරේ නිකුත් වීමට නියමිත වාර්තා චිත්‍රපටයකට පෙර පළමු වරට මෙම හඬපටය නිකුත් වී ඇති අතර ABC හි Good Morning America වැඩසටහනෙහි මෙම හඬපටයට විශේෂ අවධානයක් යොමුව තිබුණා. එහිදී ඩයනා කියනු අසන්නට ලැබුණේ “තම සැමියා තම සුළු මව වන Raine Spencer සමඟ කතා කරන්නේවත් නැති” බවය. “හැරී කුමරුගේ බෞතිස්මය අවස්ථාවේදී චාල්ස් සිය මවට හැරී කුමරු ඉපදීම පිළිබඳව තමන් කණස්සල්ලෙන් පසුවන බව පැවසු බවත්, දෙවන එළිසබත් රැජිණ චාල්ස් කුමරුගේ උරහිසට තට්ටුවක් දමා සාමාන්‍ය දරුවෙකු ඉපදීම ගැන ආඩම්බර වන්නැයි පැවසු බවත්” එම හඬපටයෙන් තවදුරටත් විස්තර කෙරී තිබුණා.

princess-Diana

හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් 2020 ජනවාරි මාසයේදී නිවේදනය කළේ ඔවුන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ලෙස ඔවුන්ගේ භූමිකාවෙන් ඉවත් වන බවත් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර ඔවුන්ගේ කාලය ගතකිරීමට සැලසුම් කර ඇති බවත්ය. ඊට ප්‍රතිචාර වශයෙන්, දිවංගත දෙවන එළිසබෙත් රැජිණ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ඔවුන් තවදුරටත් රාජකීය පවුලට වැඩ රාජකාරි ඉටු නොකරන බවත් රාජකීය රාජකාරි සඳහා මහජන මුදල් ලබා ගැනීම නවත්වන බවත්ය.

හඬපටය සඳහා යොමුව: Princess Diana: New audio claims Charles was disappointed at having boy, not girl, when Prince Harry was born | CNN

-CNN News ඇසුරෙනි-

Photo Credit: www.wordpress.com / www.royal-harry.com / www.dailymail.com

 

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you